අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා කෘෂිකාර්මික අංශයට ප්‍රමාණවත් පොහොර සහ බීජ සැපයීමේ අවශ්‍යතාවය සාකච්ඡා කෙරේ

    නොවැම්බර් 28, 2022

    ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා කෘෂිකාර්මික අංශයට ප්‍රමාණවත් පොහොර සහ බීජ සැපයීමේ අවශ්‍යතාවය පිළිබඳව ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කමිටුවේදී (25) සාකච්ඡා කෙරිණි.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කෘෂිකාර්මික ඉඩම්වල පස පරීක්‍ෂා කර පොහොර භාවිතය පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ ක්‍රියාවලිය පුළුල් කළ යුතු බව ආර්ථික ස්ථාවරත්වයට අදාළ කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙහිදී පැවසුවේය. අඩු පිරිවැයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සදහා මෙම දැනුවත් වීම අත්‍යවශ්‍ය බවද මෙහිදී සාකච්ඡා විය.

    වී ගොවීන්ට අවශ්‍ය පොහොර මෙරටට ගෙන්වා දිවයිනේ සෑම ප්‍රදේශයකම ගොවීන් වෙත බෙදා හැර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු අනුකමිටුවට පැවසූහ. කෙසේ වෙතත්, අධික මිල හේතුවෙන් ගොවීන්ට පොහොර මිලදී ගැනීමට අසීරු තත්ත්වයක් උද්ගතවී ඇති බව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියෝජිතයෝ මෙහිදී පැවසූහ.

    එමෙන්ම බෝග සඳහා අවශ්‍ය බීජ දේශීයව නිෂ්පාදනය කිරීම ඉහළ නැංවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කෘෂිකාර්මික ඉඩම්වලට වන සතුන්ගෙන් සිදුවන බලපෑම් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

    මෙම සාකච්ඡා හරහා මතුවන කරුණු තුළින් පොහොර සහ බීජ පිළිබඳව වඩාත් වැදගත් නිර්දේශ රැසක් මෙම අනුකමිටුව මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    මෙම රැස්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, පොහොර සමාගම් නියෝජිතයන්, කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ පෞද්ගලික සමාගම් නියෝජිතයන්, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    එසේම රාජ්‍ය අමාත්‍යවරුන් වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ඒ.එල්.එම් අතාවුල්ලා සහ එම් රාමේෂ්වරන් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya