අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා සංගම්වල මුදල් කියන්නේ මහජන මුදල් - සියලු ක්‍රීඩා සංගම් කෝප් කමිටුවට කැඳවිය යුතුයි- ක්‍රීඩා අමාත්‍ය

    නොවැම්බර් 26, 2022

    ක්‍රීඩාව නියාමනය කිරීමට නම් ක්‍රීඩා සංගම් පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් සියලු ක්‍රීඩා සංගම් කෝප් කමිටුවට කැඳවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යන වැය ශීර්ෂ විවාදය අතරතුර අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසිය .

    මීට දින කීපයකට පෙර ඇමෙරිකානු තානාපතිනිය ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණි බවත්,එහිදී තමන් ක්‍රීඩාවේ තත්ත්වය හා ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා මැදිහත්වීම ගැන පැහැදිළි කළ බවත් එහිදී තනාපතිනිය විසින් එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ වගකීම බව කියා සිටි බව කීය.

    ක්‍රීඩා සංගම් පිළිබඳව විවාදයේ දී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    මේ සංගම් ඕන තක්කඩිකමක්,හොරකමක් කරලා,ජාත්‍යන්තර සංගම්වලට ගිහින් කියන්න බලාගෙන ඉන්නවා දේශපාලන මැදිහත්වීම් කරනවා කියලා. ඒ නිසා අද ක්‍රීඩාවට වෙලා තිබෙන්නේ කුමක් ද? අනිවාර්යෙන් ම ක්‍රිඩාව නියාමනය කරන්නට නම්, ක්‍රීඩා සංගම් කෙරෙහි දැඩි අවධානයක් දීලා කටයුතු කළ යුතුයි. සෑම ක්‍රීඩා සංගමයක් ම කොප් කමිටුවට කැඳවන්න කියලා ඉල්ලා තිබෙනවා. සංගම්වල මුදල් කියන්නේ මහජන මුදල්.ඒ නිසා සෑම ක්‍රීඩා සංගමයක් ම කෝප් කමිටුව ඉදිරියට කැඳවිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය. ක්‍රීඩාව යම් තැනකට ගෙන ඒමට යම් යම් නියෝග නිකුත් කරන ලෙස ජනාධිපතිතුමා ද උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya