අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි- පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

    නොවැම්බර් 26, 2022

    රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු නිලධාරීන්ට තිබෙන නිති පද්ධතිය සමාන විය යුතුයි...

    රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ම අලුත් ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ වෙනස් විය යුතුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

    විවාදයේ දී අඳහස් දැක්වූ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා;

    රාජ්‍ය නිලධාරින්ට නීති දෙකක් තියෙනවා. රාජ්‍ය ආයතන තිබෙනවා,එයාලගේ බදු ගෙවන්නේ,මහජනයාගේ පරිප්පුවලින්. එක එක තැන්වල එක එක නීති තිබෙන්න බෑ . මේවා වෙනස් නොකළොත් රට ගොඩයන්නේ කොහොමද? රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් කළ යුතුයි. රාජ්‍ය සේවකයින්ගේ සාක්කුවට තට්ටු කරන අය හෙළි කළ යුතුයි.කවුද ඒ කණ්ඩායම කියා හෙළි කර ගත යුතුමයි.

    පරිපාලනය එක තැනකට ගෙන්න නිල සෙවණ කාර්යාලය තුන්සිය ගණන හදලා එක දවසේ විවෘත කළා. මේකට එදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විශාල සහයෝගයක් දුන්නා. දැන් තියෙන ආයතන සංග්‍රහය විශ්‍රාම ගැන්විය යුතු තැනකට ඇවිල්ලා. රාජ්‍ය ආයතන කොහොමද අලුත් වෙනස් කම්වලට මුහුණ දෙන්නේ. ඒ ඉලක්ක සම්පූර්ණ කළ යුතුව තිබෙනවා.ඉතාම ප්‍රශ්නයක් සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණය. රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ම අලුත් ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ වෙනස් විය යුතුව තිබෙනවා.

    ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය වෙනස්කම් කරලා,ලෝකයේ පලමු සියය අතරට ගෙනාවා.ඉඩම් සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් සම්ප්‍රදායක් ලංකාවට අවශ්‍යයි. ජාතික ප්‍රතිපත්තියක් රාජ්‍ය යාන්ත්‍රණය හසුරුවන්ට අවශ්‍යයි.නැතිනම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. වැරදි ක්‍රියා පාලනය කළ යුතුයි. මුල්‍ය බලය මුදල් අමාත්‍යාංශයට හෝ මහ බැංකුවට නෑ.

    රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු නිලධාරීන්ට තිබෙන නිති පද්ධතිය සමාන විය යුතුයි. ඒ නිසා රාජ්‍ය යාන්ත්‍රණයේ සිටින ලක්ෂ 15ට ම සමාන වෙන්න ඕන රජයට ආදායම ගන්න කොටස. කවුරුත් කතා කරන්නේ නෑ. බයයි, බැංකුවලින් හානියක් වෙයි කියලා.මේවා වෙනස් නොකර ඉස්සරහට යන්නේ කොහොමද? රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් කළ යුතුව තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya