අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අස්ථායී තත්ත්වයෙන් පවතින මෙරට ආර්ථිකය ස්ථායී කිරීමේ ක්‍රමවේදය 2023 අයවැයෙහි පවතිනවා- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    නොවැම්බර් 26, 2022

    අස්ථායී තත්ත්වයෙන් පවතින මෙරට ආර්ථිකය ස්ථායී කිරීමේ ක්‍රමවේදය 2023 අයවැයෙහි පවතින බවත්, 2025 වන විට මෙරට ආර්ථිකය නැවත ස්ථායී වනු ඇති බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ෆෙඩ්රික් නියුමාන් පදනමේ අනුග්‍රහයෙන් "නෙක්ස්ට් ජෙන් එස්එල්" සංවිධානය විසින් පැවැත්වූ අයවැය සම්බන්ධයෙන් බහු පාක්ෂික අදහස් සංවාද මණ්ඩපය ඊයේ (24) ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැත්වූ අවස්ථාවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

    එහිදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙවර අයවැය යෝජනා තුළින් 2025 වර්ෂයෙන් ඔබ්බට ආර්ථික වර්ධනයක් වනු ඇති බවත්, ආර්ථික ස්ථායීකරණය දීර්ඝ වශයෙන් පවත්වාගෙන යමින් මෙරට සංවර්ධිත රටක් කිරීමට ජනාධිපතිවරයාගේ මෙම යෝජනා ඉවහල් වනු ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.

    මෙවර අයවැයෙන් ඉලක්ක තුනක් ලබාදී ඇති බවත්, ඒ අනුව අපනයනය මූලික කරගත් ආර්ථිකයක් ගොඩනැගීම තුළින් දැනට අපනයනයෙන් මෙරට උපයන ආදායමට වඩා ඩොලර් බිලියන 10ක් තවත් ඉපැයීමට හැකියාවක් තිබෙන බවත්, පරිසර හිතකාමී නීල හරිත ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කිරීම තුළින් සුවිසල් ආදායමක් සෙවීමට හැකි බවත්, ඩිජිටල්කරණය පෙරදැරි කරගත් ආර්ථිකයකට මාර්ගය විවෘත කිරීමෙන්ද මෙරටට සැළකිය යුතු ආදායමක් ඉපැයීමට හැකි බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    සමාජ වෙළඳපොළ ආර්ථිකය මෙහි තේමාව ලෙස යොදාගෙන ඇති බවත්, ඉදිරි වර්ෂ කීපය තුළදී නැවතත් 7%ක පමණ ආර්ථික වර්ධනයක් ඇති කිරීම මූලික ඉලක්කයක් වී ඇති බවත්, මෙරට ජාත්‍යන්තර වෙලඳාම ප්‍රතිශතයක් ලෙස ඉහළ දැමීමට මෙවර ආර්ථිකය අඩිතාලමක් වනු ඇති බවත්, ශෙහාන් සේමසිංහ මහතා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya