අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවය ක්‍රමවත් කොට යළි ප්‍රතිසංවිධානයකට ලක් කළ යුතුයි- අග්‍රාමාත්‍ය

    නොවැම්බර් 26, 2022

    රාජ්‍ය සේවය ක්‍රමවත් කොට යළි ප්‍රතිසංවිධානයකට ලක් කළ යුතු බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

    විවාදයේ දී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා;

    ''රාජ්‍ය සේවයේ ගෞරවය ජනතාවට ඇති බැදියාව හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා. අද කෙටියෙන් සේවය ජනතාව බලාපොරොත්තු වෙනවා.ග්‍රාමනිලධාරි දක්වා ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඉක්මනින් සේවාව ලබාගැනීමටයි.

    මෑත කාලයේ අභියෝගය නම්, රාජ්‍ය පාලනය ක්‍රමවත් කිරීම සහ ඉක්මනින් සේවාව සැපයීමයි.රාජ්‍ය සේවය ක්‍රමවත් කොට යළි ප්‍රතිසංවිධානයකට ලක් කළ යුතුයි.

    එසේ නැති නම්, දරිද්‍රතාවයේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා.දවැන්ත විශ්‍රාම මුදලක් ගෙවන්නට සිදුවෙනවා. ඉදිරියේ කොටස් දෙකකින් විසඳාගැනීමට රජය හා භාණ්ඩාගාරය සමඟ එකඟතාවයට පැමිණ තිබෙනවා.

    අප ජීවත්වන්නේ මහා මුදල් අර්බුදයක.අපි අභෝගය පිළිගන්නවා. ආහාර සුරක්ෂිතභාවයට මූලික තැන දී තිබෙනවා. ගම්වල කැපවීම අවශ්‍යයි. රාජ්‍ය නිලධාරීන්ට පමණක් සිදු කළ නොහැකියි. සුළු හා මධ්‍ය පරිපාලන කර්මාන්ත ශක්තිමත් කිරීමට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පත් කර අවසන්.ප්‍රාදේශීය සංවර්ධන කමිටු සියයට 90%ක් පත් කර අවසන්.

    පළාත් සභාවත් දිස්තික්කයත් එකට වැඩකිරීමේ මූලික න්‍යාය අවශ්‍ය වෙනවා.එසේ කරන්නේ නම් මහා ධනස්කන්ධය ආරාක්ෂා කරගන්න පුළුවන්. පළාත් සභාවේ ඡනදය නොපැවැත්වීමේ හේතුව අප දන්නවා. අද දක්වා ලිහාගන්න බැරි අවුලක් වෙලා. යම් යම් නිර්දේශ කර තිබෙනවා. ඒ සඳහා විපක්ෂයේ සහයෝගය අවශ්‍යයි. මැතිවරණය පැවැත්වීම සම්බන්ධව සීමා නීර්ණ වැඩකොටස කරන ගමන් ජනාධිපතිතුමාත් සූදානම් සාකච්ඡා කර වැඩපිළිවෙලකට එන්න. ග්‍රාම නිලධාරි සේවය ගැන සාකච්ඡා කර එය විසදීමට කටයුතු කරමින් සිටිනවා. පාසලකට ඕනෑම ඇදුමක් ඇඳගෙන එන්න පුළුව කියලා කට්ටියක් කිව්වා. පිළිගත් ආයතනයක් හැසිරෙන ක්‍රමයක් තිබෙනවා. කොවිඩ් කාලයේ නිකුත් කළ එම චක්‍රලේඛය අවලංගු කිරීමට කටයුතු කරනවා''යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya