මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රි ලංකාවේ පක්ෂින්ගේ සංරක්ෂිත තත්තවය පිළිබඳ යාවත්කාලීන ජාතික රතු දත්ත ලේඛනය එළිදකී

    නොවැම්බර් 26, 2022

    ශ්‍රි ලංකාවේ පක්ෂින්ගේ සංරක්ෂිත තත්තවය පිළිබඳ යාවත්කාලීන කරන ලද රතු දත්ත ලේඛනය-2021 එළිදැක්වීම පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා හා පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

    එම අවස්ථාවට එක්වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා මෙසේ පැවසීය.

    පරිසර පද්ධතිය රැක ගැනීම අප කාගෙත් වගකීමයි.ඒ වගකීම පුරවැසියන් ලෙස අපි හැමෝටම පැවරිලා තියෙන් දෙයක්.අප රටට ආවේණික පක්ෂීන් රැක ගැනීම මුලික කරුණයක් ලෙස මම හිතනවා.රතු ලැයිස්තුව ජිවි විශේෂයක පැවැත්මට අභ්‍යන්තර හා බාහිර සාධක බොහෝමයක් සැලකිල්ලට ගන්නා තක්සේවරුවක් නිසාම ජිවි විශේෂයක සෞඛ්‍ය පිළිබඳ හොඳම දර්ශකවලින් එකක්.ඒ නිසා රතු ලැයිස්තුව සංරක්ෂණ ක්‍රියාවන් සැළසුම් කිරිමට මෙන්ම ස්වභාවික සම්පත් කළමනාකාරිත්වයේ සඵලතාවය අධික්ෂණය කිරිමේ දර්ශකයක් ලෙසද රතු ලැයිස්තුව පෙන්වා දිය හැකියි යැයි පැවසීය.එමෙන් ම පරිසරය සුරක්ෂිත කිරිමට පක්ෂීන් මෙන්ම වන සම්පත ආරක්ෂා කිරිමටත් රජය මගින් ලැබිය යුතු පුර්ණ සහය ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    මෙහිදී, පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් දක්වමින්, ශ්‍රි ලංකාව වැනි කුඩා දිවයිනක ජිවත්වන පක්ෂින් වෙනුවෙන් මෙවැනි සංරක්ෂණ ක්‍රියාවක් දියත් කිරීම වට්නා කාර්යක් බවත්,පක්ෂින්ගේ තක්ෂේරු කරන ලද විශේෂ 244න් විශේෂ 81ක් වඳවීමේ තර්ජනයට ලක් වී ඇති බවත්,තර්ජනයට ලක් වු හා අවදානම්ත මෙන් ම ර්ජනයට ලක් වීමට ආසන්න පක්ෂින් පිළිබඳ ඇතුළත් දත්ත රතු ලැයිස්තුව මගින් ඉදිරිපත් කිරීම වටිනා කාර්යයක් බව පැවසීය.

    වඳවිමේ තර්ජනයට ලක් වු පක්ෂි විශේෂවල ගහනය යථා තත්තවය පත් කිරීමට වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමටත්,පර්යේෂණ න්‍යාය පත්‍රයක් පිළියෙල කිරීම,ආදාළ ක්ෂේත්‍රවල ක්‍රියාකාරි සැළසුම් ක්‍රියාත්මක කිඊමට කටයුතු කෙරෙන බවද ලේකම්වරයා පැවසීය.


    මහාචාර්ය දේවක වීරකොන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු හා කාර්ය මණ්ඩය මෙම අවස්ථාවට සහභාගි වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya