අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය ස්ථාවරත්වයෙන් පසු නැවතුණ ජල ව්‍යාපෘති නැවත ඇරඹේ

    නොවැම්බර් 25, 2022

    මූල්‍යමය ස්ථාවරත්වයක් ලැබුණු වහාම අතරමඟ නැවතුණු ජල ව්‍යාපෘති ඉදිරියට ගෙන යන බව සෞඛ්‍ය සහ ජලසම්පාදන අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    මෙවර අයවැය සාමාන්‍යයෙන් දකින අයවැයක් නොව ඉදිරි දැක්මක් සහිතව, රට වැටී තිබෙන තත්වයෙන් ගොඩ ඒමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් යැයිද අමාත්‍යවරයා කීය.

    2023 අයවැය , කාරක සභා අවස්ථාවේ විවාදයේ තෙවැනි දිනය වන අද(25) ජල සම්පාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ පිළිතුරු කතාව සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ , රටේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් ජල සම්පාදන ව්‍යාපෘති ගණනාවක් අතරමග නතර වී ඇති බවයි. මෙරට මූල්‍ය අර්බුදය හමුවේ මෙතෙක් කල් ශ්‍රී ලංකාවට සහය දුන් ජයිකා වැනි ජාත්‍යන්තර ආයතන සියල්ල ඔවුන්ගේ මූල්‍යමය වැඩසටහන් තාවකාලිකව අතරමඟ නතර කර තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළි‍වෙලට අවතීර්ණ වූ පසු එවැනි ව්‍යාපෘති නැවත ආරම්භ කළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

    අද සභාගැබේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් ඇහුවේ තමන්ගේ ප්‍රදේශ වල යෝජනා ක්‍රමය දැන් නවත්වලා තිබෙනවා.ඒ සම්බන්ධයෙන්. ඇතැම් ජල සම්පාදන ව්‍යාපෘති තිබෙනවා 95%ක් පමණ වැඩ අවසන් වූ. මෙවැනි ව්‍යාපෘතිවල වැඩ අවසන් කර ආදායම් ලබන ව්‍යාපෘති බවට පත් කර ගත හැකියි.

     පවතින අපහසුතා මධ්‍යයේ වුවද මෙම වසරේ පවුල් 141,000 ට පානීය ජලය ලබා දී තිබෙනවා. අපේ ඉලක්කයක් තිබුණා සැමට ජලය කියන වැඩසටහන. මේ සියල්ලටම රටේ මූල්‍යමය ස්ථාවරත්වය වැදගත්. කෙටි කාලීන, දිගු කාළීන සහ මධ්‍යම කාළීන වැඩපිළිවෙළවල් අප සතුව තිබෙනවා. මූල්‍යමය ස්ථාවරත්වය ලැබුණු විගස එම වැඩසටහන් යළි ක්‍රියාත්මක කළ හැකියි යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya