අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අඩුවෙනවා නම් එහි සහනය ජනතාවට ලබාදෙනවා

    නොවැම්බර් 25, 2022

    ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අඩුවෙනවා නම් එහි සහනය ජනතාවට ලබාදෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අයවැය 2023 කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් (විදුලිබල අමාත්‍යාංශයේ වැය් ශීර්ෂය ) මේ බව පැවසීය.

    එහිදී අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා:

    ''තෙල් පෝලීම්වල සිටිය රටක්. පැය ගනන් විදුලිය කපපු රටක්. අද එය පැයකට අඩු කරගන්න හැකි වී තිබෙනවා. 2030 විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ,සූර්ය බලයෙන්. පුනර්ජනනීය බලශක්තිය කරන්නේ කොහොමද කියල ඉදිරියට ඇවිත් ඉන්නේ. 2014 විදුලිය ප්‍රශ්නයක් තිබුණේ නෑ. ප්‍රශ්නය ඇති වුණේ 2016 දී.උමා ඕය, සාම්පූර් විදුලි ව්‍යාපෘති පද්ධති තිබුණා නම් අද විදුලිය කපන්න වෙන්නේ නෑ. රටක් වශයෙන් සියයට 58% පුනර්ජනනීය බලශක්තියෙන් යන්නේ. එය 70% ක් දක්වා වැඩි කරගන්න යන්නේ. ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අඩුවෙනවා නම්, එහි සහනය ජනතාවට ලබාදෙනවා.
    තෙල් ඕඩරයක් දවස් 10න් ගේන්න බෑ. ලංකාවේ ප්‍රසන්පාදන ක්‍රමවේද තියෙනවා.රුපියල් අපි සොයාගත යුතුයි. අසීරු කාර්යයක් කරන්නේ.අර්බුද තියෙද්දි නිලධාරින් දක්වන සහයෝගයට ස්තූතිවන්ත විය යුතුයි.'' මේ අභියෝගය රට වෙනුවෙන් ජයගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya