අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතවන්නන් සඳහා පස් වැදෑරුම් පිළිවෙතක් හරහා යටිතල පහසුකම් වර්ධනය කරන්න " - පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන  

    නොවැම්බර් 25, 2022

    මවු භාෂාවට අමතරව තවත් භාෂා දෙක තුනක සාක්ෂරතාව, මුල්‍ය සාක්ෂරතාව, තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව,ජාලගත හැකියාවේ සාක්ෂරතාව, ඉලක්කම්වල හැකියාවේ සාක්ෂරතාව යන පස් වැදෑරුම් පිළිවෙතක් හරහා තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතවන්නන් සඳහා යටිතල පහසුකම් වර්ධනය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, තාක්ෂණ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළේය.

    ඔහු මෙම ඉල්ලීම කළේ, (24 දින ) පාර්ලිමේන්තුවේදී 2023 අයවැය කාරක සභා අවස්ථාවේ තාක්ෂණ අමාත්‍යංශයේ වැය ශිර්ෂ විවාදයට එක්වෙමිනි.

    ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හඳුනා ගත් ප්‍රමුඛ සටනක් වන ආහාර සුරක්ෂිතතා සටන මෙන්ම තාක්ෂණ සටනටද පිවිසිය යුතු බව යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

    ආසියාවේ පැරණිත ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හිමි ශ්‍රී ලංකාවට බව පැවසූ ඔහු, උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුව බිමට සමතලා කිරීමට මිට මාස කිහිපයකට පෙර දැරූ උත්සාහය වැළක්වීමට කැපවූයේ , ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය බවද කියා සිටියේය.

    ඔහු මෙසේද පැවසීය.

    "මූලාසනාරූඩ මන්ත්‍රීතුමනි, අද දවසේත් විශේෂයෙන් රටේ නිදහස කියන එක අපි දන්නවා, ඒක දිනලා දෙන්න හැමදාම කැප වෙච්ච ජනතාවගේ අයිතිය කියන එක දන්නවා. ඒක ආරක්ෂා කර දෙන්ට කැප වෙච්ච මහජන ප්‍රවාහයක් අඛණ්ඩව නියෝජනය කරන කණ්ඩායමක් හැටියට, අද දවසේ, විශේෂයෙන් නිදහසේ 75වෙනි වසර සඳහා ඉතාම තීරණාත්මක කාල පිර්ච්ඡේදයක වැය ශීර්ෂයක් සාකච්ඡාවට ගන්නා අවස්ථාවේ, කතා කරන්ට ලැබීම ගැන මම විශේෂයෙන් සතුටු වෙනවා.

    අවුරුදු 75කට ඉස්සෙල්ලා අපි වගේ තරුණයින්ට මේ රටේ මහ ‍පොළොවටවත් අයිතියක් තිබුණේ නෑ. අපි වටේ තිබෙන සාගර වළල්ලටවත් යන්න අයිතියක් තිබුණේ නෑ. අහස් කුස සිබින දාගැබ් හදපු ජාතියක් වුණත්, ඒ අහස් කුස ගැනවත් සිතන්න අපිට නිදහසක්වත් තිබුණද කියලා හිතන්න වෙනවා. එදා තරුණයන් නිදහස වෙනුවෙන් සටන් කරපු කාලයක් තිබුණා, මූලාසනාරූඩ මන්ත්‍රීතුමනි. අවුරුදු 500කට එහා ඉදලා මේ රටේ නිදහස අපෙන් උදුරා ගන්න, අපේ උරුමය අපෙන් උදුරා ‍ ගන්ට ආක්‍රමිකයගෙන් පසු ආක්‍රමිකයා, පරංගින්ට පස්සේ ලංදේසි, ඉංග්‍රීසි ආදී වශයෙන් ආක්‍රමණයෙන් ආක්‍රමණය ඇවිල්ලා අපිව විනාශ කරන්න කාල පරිච්චඡ්දයෙන් කාලපරිච්ඡේදය ගත කරපු මේ රටේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්ට පුළුවන් හුමුකුරා ගියපු ජාතියක් හැටියට ඉදිරියට එන්ට පසුගිය අවුරුදු 75 අපේ රටේ, විශේෂයෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කැප වී කටයුතු කළා.

    අමතක කරන්න එපා. ආසියාවේ පැරණිත ම ප්‍රජාතන්ත්‍රවාදයේ උරුමය හිමි අපේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. විශේෂයෙන් පසුගිය අවුරුදු 75 අපිට ගොඩ නඟාගන්න තිබුණු දැවැන්ත දර්ශකයන් රාශියක් ලෝකය ඉදිරියේ ඔසවා තබන්නට මුහුකුරා ගියපු ජාතියක් හැටියට නිදහසේ ඒ ජයග්‍රහණයන් එකින් එක දිනා දෙන්නට මේ උත්තරීතර සභාව කැප වී කටයුතු කළා. ගිය අවුරුදු 75 තමා අපිට අහිමි වෙලා තිබ්බ අපේ රටේ මහජනතාවට තිබුණ නැති මහ පොළොව බිං අගලෙන් අඟලට දිනා දෙන්ට, වගා කරපු මහ කන්නයේ, යළ කන්නයේ වගා කරපු ජාතියක් හැටියට, ඒ අස්වැන්නේ උරුමය වගාකරන ජනතාවට දිනලා දෙන්නට පුළුවන් නීති කෙටුම්පත් සම්මත කරලා දුන්නේ මේ සභාව කියන එක අපි අමතක කරන්න හොඳ නෑ.

     

    කරදීය වළල්ලෙන් එහාට ගිහිල්ලා ජනසතු ව්‍යාපාර හරහා වරාය වේවා, ඒ මහ මුහුදට යන්ට පුළුවන් අයිතිය අපේ රටේ ජනතාවට දිනලා දුන්නු අණ පනත් ටික සම්මත කරලා දුන්නේ මේ උත්තරීතර මහජන නියෝජිත ආයතනයේ අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා සම්මත කරපු අණ පනත්වලින් කියලා අමතක කරන්න එපා. අවසාන යානාව කටුනායකින් පිටත් කරලා යවලා මේ රටේ අහස් කුස දිනන්න පුළුවන් අණ පනත් ටික සකසලා දුන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරපු මහජන මන්ත්‍රීවරු කියලා අමතක කරන්න එපා.

    එය ප්‍රජාතන්ත්‍රවාදීව ඉෂ්ඨ සිද්ධ කරලා දෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක් මේ මහජන සභාව පසුගිය අවුරුදු 75 කාල සීමාවේ හදලා දීලා තියෙනවා. එය අපෙන් උදුර ගන්න හදපු වෙලාවේ වර්ග හැතැම්ම 25,000ක ඔප්පුවේ අයිතියේ ඊළඟ දුවා දරුවා වෙනකන් දිනා දෙන්ට අපේ රටේ වීරෝධාර පරපුරන් කැප වී කටයුතු කළා. ඒ සියල්ලට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා දුන්නේ මේ උත්තරීතර සභාව කියන එක, මහජන නියෝජිත සභාව කියන එක අමතක කරන්න සුදුසු නෑ.

    ඒ නිසා තමයි විශේෂයෙන් පසුගිය මාස කීපයකට උඩදී මේ උත්තරීතර සභාව ආසියාවේ පැරණිත ම ප්‍රජාතන්ත්‍ර නියෝජිත ආයතනය පොළවට සමතලා කරන්ට, ගිනි තියන්ට යම් කන්ඩායමක් දෙකක් මේ ප්‍රදේශය නතු කරගන්ට උත්සහායක් දරන වේලාවේ නැවත වරක් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්ට මේ උත්තරීතර ආයතනය අප රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් අපට අහිමි වෙලා තිබුණු පරම්පරාවන්, යුගයන්, පරිච්ඡේදයන් නැවත දිනා දෙන්ට පුළුවන් විශ්වාසය ජනිත කරන ආයතනය හැටියට ආරක්ෂා කරන්ට අපේ රටේ ත්‍රිවිධ හමුදාව හා පොලීසිය කැප වී කටුයුතු කළේ.

    ඒ නිසා මේ උත්තරීතර ආයතන නියෝජනය කරන මහජන නියෝජිතවරයෙක් හැටියට මම ප්‍රථමයෙන්ම මගේ කෘතවේදීත්වය මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්ට කරන ලද කැප කිරීම මතක් කරන එක මගේ යුතුකම. මම ඊට එහා ඒ ගැන කථා කරන්ට කාලේ ගන්නේ නෑ.

    අද දවසේ විශේෂයෙන් තවත් අමාත්‍යංශ ගණනාවක් ගැන වැය ශීර්ෂ කථා කරන වෙලාවේ මං පොඩ්ඩක් ඒවා ගැන කථා කරන්ට කාලය යොමු කරන්නයි අදහස් කරන්නේ.

    දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ රට නිදහස් වෙලා අවුරුදු 75ක් තිස්සේ අපි සාක්ෂරතාවය මනින්නේ තවම අවුරුදු 10ක විතර පාසල් දරුවන්ගේ නියැදියක් අරගෙන, මව් භාෂාවේ හසුරවීමේ, කියවීමේ, ලිවීමේ හැකියාව මත පදනම් වෙලා. ඒකට අපිට සියයට අනූ ගාණකට ලකුණු තියෙනවා. සියයට අනූ ගාණකට ලකුණු තියෙනවා. අවුරුදු 75ක් තිස්සේ ලෝක සම්මතය හැටියට අපි මනින්නේ සාක්ෂරතාවය එහෙමයි. රට අද පත්වෙලා තියෙන තත්ත්වය අනුව,

    මට තව විනාඩියක් දෙකක් දීර්ඝ කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. අද රට පත්වෙලා තියෙන තත්ත්වය අනුව, විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමත්, අග්‍රාමාත්‍යතුමත් හඳුනාගත්ත ප්‍රමුඛ සටනක් හැටියට මේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් සටන ආරම්භ කරලා තියෙනවා. ඊට නොදෙවෙනි සටනක් අපි දැන් ආරම්භ කරන්ට තියෙනවා.

    අපි අවුරුදු 75 කට පස්සේ අපේ දැනුම පිළිබඳ තියෙන පිපාසය සංසිඳවන්ට සාක්ෂරතාවය තමා දෙන්ට තියෙන දේ. මේ සාක්ෂරතාවයේ නිවැරදි මානයන් ටික හදාගන්ට ඕන අවුරුදු 75 කට පස්සේ. අපි අධ්‍යාපන අමාත්‍යාංශයට බර දෙන්ට ඕනේ නෑ. මේක තාක්ෂණ අමාත්‍යාංශය භාර ගන්ට ඕනෑ රාජකාරීයක්. අපේ සාක්ෂරතාවය මනින්ට මව් භාෂාවේ නිපුණතාවය ඉතාම වැදගත්. නමුත් අපි එතැනින් නවතින්න බෑ. තව භාෂාවක් දෙකක් කථා කරන්ට අපිට තියෙන නිපුණතාවය හදා ගන්නේ කොහොමද?

    ඒක අපි මනින්න ඕනා. ඉතිහාසය පුරාවට අපි පාලි සංස්කෘත මනින්ට ඇති, අපි ලතින් ඉංග්‍රීසි මනින්ට ඇති, කථා කරපු භාෂාවල් හැටියට. නමුත් අද අපි මනින්නේ මව් භාෂාව විතරයි. එහෙනම් සාක්ෂරතාවයේ තවත් භාෂාවක් දෙකක් කතා කරන්ට තියෙන හැකියාව මනින්ට පටන් ගන්න ඕනා. අපි මනින්ට පටන් ගන්න ඕනා අද යුගයේ හැටියට සංඛ්‍යාව සංඛ්‍යාවන් සමඟ ගණනය කිරිම් හැකියාව, මූල්‍ය හැකියාව, මූල්‍ය සාක්ෂරතාවය financial literacy කියලා අපි කියනවා. Numerals වල තියෙන හැකියාව මනින්ට පටන් ගන්න ඕනා. If we are to have a correct reading on our literacy, hon. Members. අපි අවුරුදු 75කට පස්සේ පටන් ගන්න ඕනා අඩුම ගානේ මේක මනින්ට. සිව්වැනිව අපි විශේෂයෙන් තාක්ෂණ හැකියාව මනින්ට පටන් ගන්න ඕනා. At least the ability the IT literacy has to be measured.

    තාක්ෂණ නාමය පිළිබඳව තියෙන සාක්ෂරතාවය මනින්ට පටන් ගන්න ඕනේ. මේ මානයන් අපේ සාක්ෂරතාවයට එන්න ඕනා. අද ලෝකයේ අනාගතය දෙස බලලා තියෙන අභියෝගයට අපි සූදානම් වෙන්ට නම් පස්වැනිව අපි මනින්න පටන් ගන්ට ඕනා අපේ ජනතාවට ජාලගත වෙන්ට එහෙම නැත්තම් අනිතුව කොටස් සමඟ සම්බන්ධ වෙලා සහසම්බන්ධයෙන් වැඩ කිරීමට තියෙන හැකියාව networking capacity. මේවා සාක්ෂරතාවය මනින්න ආරම්භ කරන්නේ නැතුව අද තාක්ෂණය ගැන අපි මොනවටද කථා කරන්නේ. මේ සියලු කාරණාවලට, තාක්ෂණයට ඉතාමත්ම විශාල වගකීමක් තියෙනවා ඉෂ්ට සිද්ධ කරන්ට.

    මා තව විනාඩි දෙක තුනක් විතර ගන්න බලාපොරොත්තු වෙනවාය මුලසුන හොබවන ගරු මන්ත්‍රීතුමනි.

    ඔබතුමා මට මේ කියන්න ඉඩ දෙන්න.

     

    මම කොළඹ දිස්ත්‍රික්කයේ මගේ අපේ ප්‍රදේශයට ගිහිල්ලා අපේ ප්‍රදේශයට ගිහිල්ලා පාසල් ටික අරගෙන බැලුවම 23000ක් දරුවෝ ඉගෙන ගන්නවා. අවිස්සාවේල්ල ආසනය උදාහරණයකට ගත්තම අවිස්සාවේල්ල ආසනයේ සාක්ෂරතාවය තාක්ෂණික IT literacy, financial literacy මනින්න ගියාම මනින්න දත්ත මනින්න තියා ඒවාට අවශ්‍ය මූලික පහසුකම් තිබිලත් නැහැ.

    ඒ හින්දා මම විශේෂයෙන් මතක් කරන්නේ මේ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉන්න උදවියට පස්වැදෑරුම් පිළිවෙතක් හරහා අවශ්‍ය අවම වශයෙන් යටිතල පහසුකම් ටික සකසලා දෙන්ට. It infrastructure is a important critical thing. අපේ රටේ පාසල් පද්ධතියේ කොලඹ දිස්ත්‍රික්කයේ තියෙන පාසල්වලටවත් මේවා නැත්තන් ඈත එපිට පාසල් ගැන මම කථා කරන්න කාලය ගත කරන්නේ නෑ. ඒ වගේම තමයි මේ අධ්‍යාපනය තාක්ෂණික දැනුම මේ පරිවර්තනය කරන්න නම් අපි පාසල් පද්ධතිය එක්කාසු කරගත්ත තාක්ෂණික ව්‍යවසායකත්වයක් නිර්මාණය කරන්නට වැඩසටහනක් යන්ට ඕනෑ පාසල් පද්ධතියේ. ඒ වැඩසටහන් පද්ධතිය නිර්මාණය වෙන කාල පරිච්ඡේදය ඉදිරි කාල වසර 75 නිදහසෙන් පසුව ඇති වෙන කාල පරිච්ඡේදයේ වෙනවා නම්, ඒක තමයි අපේ ලොකුම සතුට වෙන්නේ.

    මේ තාක්ෂණික යටිතල පහසුකම මේ තාක්ෂණික මිනුම් අපේ පාසැල් පද්ධතියට ගමන් කරන්න තාක්ෂණික අමාත්‍යංශය යම් වැඩ සටහනක් ආරම්භ කළ යුතුමයි. මේ වැඩ සටහන ආරම්භ කරන්නේ නැතුව අපි කොයි තරම් මෙතන වාද විවාද වල නියැලුනත් වැඩක් වෙයිද ? ....ගරු මන්ත්‍රීතුමාලා එකඟවෙයි මාත් එක්ක අනාගත ලෝකයේ අපිට තිබෙන අභියෝගයන්වලට. අද තාක්ෂණය පාවිච්චි කරලා දේශපාලන සමීකරණ වෙනස් කරන්න පුළුවන් නම්, අද තාක්ෂණය පාවිච්චි කරලා ආර්ථික සමීකරණ වෙනස් කරන්න කටයුතු කරනවා නම්, අද තාක්ෂණය පාවිච්චි කරලා අපේ රටේ සමාජ දේශපාලන ක්‍රියාදාමය වෙනස් කරන්න සූදානම් වෙලා තියෙනවා. අපි තාක්ෂණ සඳහා ප්‍රමුඛතාවය දීලා මීට වඩා කටයුතු කරන්න ඕන කාලපරිච්ඡේදයක් නිර්මාණය කරන්ට ඕන. මම අවසන් කරනවා.

    My only request, අඩුම ගානේ අපේ සීතාවක ප්‍රදේශයේවත් IT savvy tech valley එකක් හැටියට පරිවර්තනය කරන්න මේ කටයුත්ත සඳහා දෙන්න පුළුවන් සියලු අවශ්‍ය ශක්තිය ලබා දෙන්ට, තාක්ෂණික අමාත්‍යංශයට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමින් මම නැවත කියන්න ඕන විශේෂයෙන් පසුගිය අවුරුද්දු 75හේ අපේ Electronic archive එකක් නිර්මාණය කරන්ට මේ කාල පරිච්ඡේදයේ අපට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනීමට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්තූතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya