අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘සතිමත්බව’ සමස්ත පාසල් පද්ධතිය තුළම දීපව්‍යාප්ත ව ක්‍රියාවට නැංවේ

    නොවැම්බර් 25, 2022

    සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ජාති ආගම් භේදයකින් තොර ව සතිමත්බව ගුණාංගයක් වශයෙන් පුරුදු පුහුණු කිරීම, ජාතික මට්ටමෙන් ක්‍රියාවට නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

    එසේ අවශ්‍ය උපදෙස් ලබා දී ඇත්තේ ‘සති පාසල’ නියෝජිත කණ්ඩායමක් සමග පසුගිය ද අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ය.

    ‘සති පාසල’ වැඩසටහනේ නිර්මාතෘ පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව හිමියන් විසින් වසර ගණනාවක් පුරා අඛණ්ඩ ව පවත්වාගෙන එනු ලබන මෙම වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන ලෙසත් අමාත්‍යාංශ මට්ටමින් ඒ සඳහා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බවත් සඳහන් කළ අමාත්‍යවරයා සර්වාගමික නියෝජනයක් සහිත කමිටුවක් මගින් සියලු දෙනාට ම ප්‍රයෝජනවත් වන ලෙස මෙම වැඩසටහන වඩාත් පුළුල් පරාසයක ක්‍රියාවට නැංවීමේ කාලීන යෝග්‍යතාව ද පෙන්වා දුන්නේ ය. පාසල්වල දෛනික ව සතිමත් බව ප්‍රායෝගික පුහුණු වීමට කාලයක් ලබා දී අත්හදා බලා අනතුරු ව සෑම භාෂා මාධ්‍යයකින් ම න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් ඔස්සේ සමස්ත පාසල් පද්ධතිය තුළ ම මේ ‘සතිමත්බව’ පිළිබඳව වැඩසටහන් පැවැත්වීමට මෙහි දී අමාත්‍යවරයා යෝජනා කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya