මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වීර කැප්පෙටිපොළ 204 වෙනි සැමරුම 26 වනදා මාතලේ දී

    නොවැම්බර් 24, 2022

    නොවැම්බර් මස 26 වනදාට වීර කැප්පෙටිපොළ නිලමේතුමා ඝාතනය කර වසර 204ක් පිරීම නිමිත්තෙන් මාතලේදී අනුස්මරණ උත්සවයක් පවත්වන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසුවේය.

     

    ඔහු මේ බව කියා සිටියේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති අධිරාජ්‍යවාදීන්ට එරෙහිව දියත්වූ ප්‍රථම ජාතික නිදහස් සටන, බිදවැටුණු ශ්‍රී ලාංකේය ජනසමාජය සහ වීර කැප්පෙටිපොළ භූමිකාව යන මැයෙන් පැවති මාධ්‍ය කතාකාවතේදී අදහස් දක්වමිනි.

    මෙහිදී කැප්පෙටිපොළ නිළමේතුමා සහ මඩුගල්ලේ නිළමේතුමා යන දෙදෙනාම අනුස්මරණය කෙරෙන බවද, ඒ සදහා අනුස්මරණ කමිටු 02ක් පවත්වමින් එම කමිටු 02 සමග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධවී මෙම කර්තව්‍ය සිදුකරන බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

    මෙරට නිදහස වෙනුවෙන් සටන් කළ සියලුමදෙනා සිහිපත් කිරීම අපගේ යුතුකමක් බව කියාසිටි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විශේෂයෙන්ම පෙබරවාරි 04 වනදාට යෙදෙන 75 වන නිදහස් දිනය වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවම වශයෙන් ජාතික වීරවරයන් 75දෙනෙකු සම්බන්ධ වීඩියෝපට මාලාවක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද අවධාරණය කළේය.

    ඉදිරි කාලය තුළ රජය විසින් ඉතිහාසය ඉගැන්වීම සදහා ආයතනයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවද, එය ඉතාමත් හොද තීරණයක් බවද කියා සිටි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම කටයුතු වලටද සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවද සදහන් කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya