අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආණ්ඩු පෙරළන්න එනකොට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බෑ- පාර්ලිමේන්තුව ආරක්ෂා කළ යුද හමුදා බලඇණිවලට ස්තූති කරනවා

    නොවැම්බර් 24, 2022

    යුද අහමුදාව යොදවනවා ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙලට....

    ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලයක් ඇති කරනවා...අලුත් හමුදාවක් ලංකාවට ඇති කරන්න, සීඝ්‍රයෙන් දියුණුවන ආර්ථිකයක් වුවමනයි....

    පොලිස් ආඥා පනත කෞතුකාගාරයට යවන්න තියෙන්නේ.....
    පාර්ලිමේන්තුව ආරක්ෂා කළ යුද හමුදා බලඇණිවලට ස්තූති කරනවා.... එදා එම බලඇණි නැති නම් අද පාර්ලිමේන්තුවක් නෑ....
    කාටවත් පාරට බැහැලා නටන්න බෑ. මේ රටේ ආණ්ඩු පෙරළන්න එනකොට හමුදාව ට පැත්තකට වෙලා ඉන්න බෑ...
    රටේ අවුලක් ඇති කරන්න ඉඩ දෙන්න බෑ. නීතිය අනුව කටයුතු කරන්න. පාරේ කෑගැසුවා කියලා පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ....

     හමුදාවේ පහළම නිලධාරියාගේ සිට ඉහළම නිලධාරියා දක්වා ආණ්ඩුව ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පහළම සිටින කේපප්‍රල් වරයාගේ සිට උඩම සිටින ෆීල්ඩ් මාර්ෂල් දක්වා ඒ සඳහා බැදී සිටින්නේ යැයිද ජනාධිපතිවරයා පැවසිය. අද(24) දින ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    පසුගිය අරගලය සමයේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් හමුදාවට ස්තුති කරන බවද ජනාධිපතිවරයා  ප්‍රකාශ කළේ ය.

    විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට පැමිණි යුද්ධ හමුදා බල ඇණිවලට මම ස්තුති කරනවා, ඔවුන් නොසිටියා නම් අද මෙම පාර්ලිමේන්තුව නැහැ. වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා පැවසුවේ, හමුදාවේ අනාගතය ගැන රජය වගකිව යුතු බවයි. අපට අවශ්‍ය අලුත් හමුදාවක් හදන්න. අද තර්ජනයක් නැහැ කියලා නිකන් ඉන්න බැහැ. ලෝකයේ වෙනස් වෙනස් විදියට ආරක්ෂාව පිළිබඳ තර්ජන ඇති වෙනවා.
    මුහුද ගැන බලන්න ඔින, සාගරය ගැන බලන්න ඔින. 2030 පමණ වන විට නාවික හමුදාව වැඩි කරන්න ඔින. ඇමරිකාව වැනි රටවල් දැනටමත් මේ සඳහා සැළසුම් සාදා ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ඉදිරියේදී ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ සඳහා යුධ හමුදාව යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසිය. විශේෂයෙන්ම හමුදා නිලධාරින්ගේ උසස්වීම් ආදිය වැඩි වී ඇති හෙයින් යුද්ධ හමුදාව සඳහා වැඩි මුදලක් අයවැයෙන් වෙන් කිරීමට සිදුව තිබේ.

    මානව හිමික්ම කියලා ප්‍රචන්ඩ ක්‍රියා කළ අය ආරක්ෂා කරන්න බැරි බවද ජනාධිපතිවරයා පැවසිය. මේ රටේ මෙහෙම අවුලක් ඇති කරන්න බැහැ. නීතිය අනුව කටයුතු කරන්න විශ්ව විද්‍යාල ශිෂ්‍ය යෝ කවුරුත් අත්අඩංගුවට අරන් නැහ..මුදලිගේ දැන් විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා අවුරුදු 08ක්ද කොහෙද

    මමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළේ, අවුරුදු 21දී. පාරේ කෑ ගැහුව කියල මම පාර්ලිමේන්තුව විසිරුවන් නැහැ. නිශ්ශබ්ද වෙලා ඉන්න පිරිසක් ඉන්නවා.ඒ අයට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕන ''යැයි ජනාධිපතිවරයා පැවසීය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya