අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කරන යෝජනා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට

    නොවැම්බර් 24, 2022

     අගමැති ප්‍රමුඛ අමාත්‍ය අනු කමිටු නිර්දේශ අනුව, වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කරන යෝජනා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට

    වෛද්‍යවරුන් ඇතුළත් වන විශේෂිත සේවාවන්ට / තනතුරුවලට අදාළ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස, ගැන වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීමේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුවේ නිර්දේශ, කැබිනට් අනුමැතියෙන් පසු, 2022.11.26 දිනයේ අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.

    එම කැබිනට් මණ්ඩල තීරණය සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් ඉදිරිපත්ව ඇති නිසා, නීතිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කරන බව, සභානායකවරයා 2022.11.24 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    විශේෂඥ වෛද්‍ය නිලධාරින්, රජයේ වෛද්‍ය නිලධාරීන්, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින් සහ රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ට පමණක් අදාළ වන පරිදි, මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ

    ජනවාරි 01 දින සිට ජූනි 30 දින දක්වා වන කාලසීමාව තුළ සිය උපන් දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ ජුනි 30 දින දක්වා සේවය කිරීමට අවස්ථාව සලසා දී විශ්‍රාම ගැන්වීම, සහ ජුලි 01 දින සිට දෙසැම්බර් 31 දින දක්වා වන කාල සීමාව තුළ සිය උපන් දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා සේවය කිරීමට අවස්ථාව සලසා දී විශ්‍රාම ගැන්වීම, සඳහා , අනු කමිටුව නිර්දේශ ඉදිරිපත් කර ඇත.

    අමාන්‍ය කමිටු වාර්තාවේ (අ) සිට (ඉ) දක්වා ඇති නිර්දේශ:—

    (අ) දැනටමත් වයස අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් එළැඹෙන දෙසැම්බර් 31 දිනට ප්‍රථම විශ්‍රාම ගැන්වීම.

    (ආ) මේ වන විට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පූර්ණ වීමේ දී විශ්‍රාම ගැන්වීම,

    (ඇ) මේ වන විට වයස අවුරුදු 61 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 62 සම්පූර්ණ වීමත් සමඟ විශ්‍රාම ගැන්වීම,

    (ඈ) මේ වන විට වයස අවුරුදු 60 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 61 සම්පූර්ණ වීමත් සමඟ විශ්‍රාම ගැන්වීම,

    (ඉ) මේ වන විට වයස අවුරුදු 59ක් සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 60 සම්පුර්ණ වන විට අනිකුත් රාජ්‍ය නිලධාරින් මෙන්ම විශ්‍රාම ගැන්වීම.

    නිර්දේශිත වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ අන්තර්කාලීන ක්‍රියාමාර්ග 2023 වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් විය යුතු වන අතර, ඉන් ඉදිරියට අනෙකුත් සියලුම රාජ්‍ය නිලධාරින් මෙන්ම වෛද්‍ය නිලධාරින් ද වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත විශ්‍රාම ගැන්විය යුතු බවටද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර,ඇති, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ යෝජනාවේ දැක්වේ.

    යෝජනා සම්මතය සඳහා අනුමැතිය ලැබීමෙන් අනතුරුව, ඉහක සඳහන් තීරණය ක්‍රියාත්මක කිරීමට අදාළව යෝග්‍ය පරිදි විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීමටද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya