නොවැම්බර් 28, 2022
tami eng youtube  twitter facebook

    අනෙක් රටවලට සමගාමීව අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනයක් කරනවා

    නොවැම්බර් 24, 2022

    ලෝකයේ අනෙක් රටවලට සමගාමීව වර්තමානයට සරිලන අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනයක් ඇති කරන බව සභානායක, ආචාර්ය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විභාග පවත්වා ගුරුවරුන් ගුරු සේවයට බදවා ගැනීම මෙවර පමණක් පවත්වයි. ඉන් අනතුරුව විද්‍යාපීඨ සියල්ල ඒකබද්ධ කළ විශ්වවිද්‍යාලයක් පිහිටුවා එමගින් ගුරුවරු පුහුණු කර ගුරු සේවයට බදවා ගන්න බව අමාත්‍යවරයා කීය.

    අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

    විද්‍යාව, තාක්ෂණය , තොරතුරු තාක්ෂණය , රොබෝ තාක්ෂණය ආදි විෂය පථයන් සිසුන්ට ඉගැන්වීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එය කාලීන අවශ්‍යතාවයක් බවත් හෙතෙම සදහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya