අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය යටිතල් පහසුකම් ප්‍රවර්ධනය කිරීමට අයවැයෙන් වැඩි මුදලක්

    නොවැම්බර් 24, 2022

    වයස අවුරුදු 15ට වැඩි සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැඳුනුම්පතක්...

    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා 20,000ක පමණ වෘත්තිකයින්ගේ අවශ්‍යතාවයක්...

    දිවයින පුරා පාසල් 1000ට අන්තර්ජාල පහසුකම් සහ ස්මාර්ට් පන්ති කාමරයක්...

    රාජ්‍ය ආයතනයන්හි වෙබ් අඩවි ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක්...

     

    වයස අවුරුදු 15ට වැඩි සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමේ වැඩසටහන ලබන වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක කරන බව , තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

     

    අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි දිනය වන අද(24) දින ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් කනක හේරත් මහතා මේ බව පැවසීය.

    යුනික් අයි. ඩී . නමින් හඳුන්වන මෙම ව්‍යාපෘතිය තාක්ෂණ අමාත්‍යංශය යටතේ , ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන විශාලම ව්‍යාපෘතිය බවද තාක්ෂණ අමාත්‍යවරයා සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙම ව්‍යාපෘතිය හරහා, රජයේ සේවා ගණනාවක් කාර්යක්ෂම වන බවයි.පුද්ගලයෙකුගේ උප්පැන්න සහතිකය ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය මේ හරහා ඩිජිටල්කරණය වේ.රුපියල් බිලියන 12ක පමණ මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා වැයකරන අතර මේ සඳහා ඉන්දියානු අධාර ලැබේ. ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මෙම ව්‍යාපෘතිය සඳහා පත් කර තිබේ.

    සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැඳුනුම් පතක් ලබා දීම මෙමගින් සිදුවේ. මේ සඳහා ඉන්දියානු මහකොමසාරිස්වරයා සහභාගී වන විශේෂ කමිටුවක් ආරම්භ කර ඇති බවත් ලබන වසරේ සිට මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකි වනු ඇතැයිද කීය.

    මේ හරහා රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙනවා, වංචා දූෂණ වැළැක්වෙනවා. සහණාධාර අවශ්‍ය ජනතාව හඳුනාගෙන එම සියළුම සහනාධාර වැඩසටහන් මෙම හැඳුනුම්පත හරහා ලබා දෙනවා අහිංසක ජනතාවට සිදු වෙන අක්‍රමිතා මෙම නව වැඩසටහන හරහා නැවැත්වෙනවා. ජනතාවට තමන්ගේ ප්‍රදේශයේ සිටම මෙම සේවා ඉටු කර ගැනීමේ හැකියාව ඇතිවෙනවා යැයිද හෙතෙම සඳහන් කළේය.

    රාජ්‍ය සේවයට අවශ්‍ය නෙට් වර්ක් සහ ක්ලව්ඩ් පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙළක්ද ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

    ඩිජිටල් තාක්ෂණය බලගැන්වීමට ජනාධිපිති රනිල් වික්‍රමිසිංහ මහතා ප්‍රමුඛ රජය දැඩි අවධානයක් යොමු කර ඇතැයිද කනක හේරත් මහතා සඳහන් කළේය. ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය යටිතල් පහසුකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ලබන වසරේ අයවැයෙන් වැඩි මුදලක් වෙන් කර තිබේ

    මෙම තාක්ෂණය සම්බන්ධයෙන් ජනතා නියෝජිතයෝ සහ ජනතාව හඳුනාගත්තේ ඉන්ධන ලබාගැනීමේදී QR කේතය හඳුන්වා දීමත් සමගයි.
    විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය සඳහා ද ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කෙළ්ය.
    මුදල් අමාත්‍යංශයේ e payroll system ඇති කළා. E parliament වැනි වැඩසටහන් ඇති කළා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර යෙන් මෙම වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක ක මුදලක් උපයා දීමට හැකි වුණා.

    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර යෙන් මෙම වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක ක මුදලක් උපයා දීමට හැකි වී ඇතැයිද තාක්ෂණ අමාත්‍යවරයා පැවසීය. එය 2023 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙන බවද හෙතෙම සඳහන් කළේය.

    වැවිලි ,ඇගලුම් වැනි කර්මාන්ත වගේ නෙමේ. මෙය ඉතාම පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් කර්මාන්තයක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා 20,000ක පමණ වෘත්තිකයින්ගේ අවශ්‍යතාවයක් ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව ඉදිරියේදී කලා උපාධියට , තොරතුරු තාක්ෂණ විෂයන්ද ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ පිළිබඳ අධ්‍යාපන අමාතයංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග සාකච්ඡා කරන බවද කීය

    පාසල් අධ්‍යාපනය නිමකරන දරුවන්ට, රැකියා වෙළෙඳපොළට ගොස් වැඩකරන්න පුළුවන් ආකාරයේ පාඨමාලා හඳුන්වා දෙන බවත් ඒ පාඨමාලාද ලබන වසරේ සිට ආරම්භ කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කී්‍ය.

    දිවයින පුරා පාසල් 1000ට අන්තර්ජාල පහසුකම් සහ ස්මාර්ට් පන්ති කාමරයක් ලබ දීමට බලාපෙරොත්තු වන බවද කීය

    පාසල් පද්ධතිය සඳහා artificial intelligence වැඩසටහන් තව තවත් ඇතුල් කළ යුතුයි. රාජ්‍ය ආයතනයන්හි වෙබ් අඩවි ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක්ද තාක්ෂණ අමාත්‍යංශය යතේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

    ඒ අනුව හඳුනාගත් ප්‍රධාන රාජ්‍ය ආයතන10ක පමණ නිලධාරින් දැනුවත් කර පුහුණුව ලබා දී වෙබ් අඩවි ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බවද කීය.පසුගිය මාර්තු මාසයේ ඉදිරිපත් කළ දත්ත ආරක්ෂණ පනත අධිකාරියක් පිහිටුවීමට බලාපොරොත්තු වන්නේ යැයිද කීය.

    ටෙලිකොම් අයායතනය ප්‍රතිව්‍යහගත කිරීමට ප්‍රථම ඒ සඳහා ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් මුදල් අමාත්‍යංශය හරහා ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන බවද කනක හේරත් මහතා පැවසීය.

    මෙම ආයතවල සිටින සේවකයින් ආරක්ෂා කර ගැනීම වැදගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. .මෙම අවස්ථාවේ එම ආයතනවල වෘත්තීය සමිති මීට විරුද්ධව කටයුතු කිරීම තුළින් ඉදිරියේදී සියළු දෙනාටම එළියට බැසීමට වනු ඇති බවත් එබැවින් මෙම වැඩසටහන් සඳහා සහාය ලබා දෙන්නැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya