අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තත්ත්වයෙන් බාල කෘමිනාශක හා වල්නාශක බෙදාහරින අලෙවිසැල් පරීක්ෂා කිරීමට වැඩපිළිවෙලක්

    නොවැම්බර් 24, 2022

    තත්ත්වයෙන් බාල කෘමිනාශක හා වල්නාශක බෙදාහරින අලෙවිසැල් පරීක්ෂා කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවකෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන පළිබෝධනාශක බෙදාහරින ආයතන නියෝජිතයින් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පසුගියදා (21) පැවති සාකච්ඡාවේදී මේ තීරණය ගෙන තිබේ.

    මෙරට ප්‍රධාන පෙළේ පලිබෝධනාශක සමාගම්වල නියෝජිතයින් එහිදී පෙන්වා දුන් ප්‍රධාන කාරණය වුයේ රට පුරා කිසියම් පිරිසක් තත්ත්වයෙන් බාලකෘමිනාශක හා වල්නාශක ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරමින් ගොවිජනතාවගේ මුදල් වංචාසහගතව ලබාගන්නා බවයි.

    මෙවැනි වල්නාශක සහ කෘෂිනාශක භාවිතා කිරීම මගින් වල් මර්දනයට හෝ පළිබෝධ මර්දනයට කිසිදු බලපෑමක් සිදු නොවන බවත්,ප්‍රමිතියෙන්තොර රසායනික ද්‍රව්‍ය නිසා පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු ගණනාවක් උද්ගත වීමේ අවදානමක් පවතින බවත් එම නියෝජිතයන් පෙන්වා දීතිබේ.

    එසේම ප්‍රමිතියෙන් බාල කෘමිනාශක හා වල්නාශක බෝගවලට යොදන අතරතුර ඒවා විෂ වීම නිසා මේ වනවිට ගොවීන් 54 දෙනෙකු පමණමරණයට පත්ව ඇති බවත් එම සමාගම් නියෝජිතයන් පවසා ඇත.

    එමෙන්ම කෘමිනාශක හා වල් නාශකවල ඇසුරුම්වල ලේබල්ගත කර තිබෙන මුදල හැර වෙනත් මිලක් අය කිරීමට කිසිදු අලෙවි නියෝජිතයෙකුටනොහැකි වේ. කිසියම් අලෙවි නියෝජිතයෙක් ලේබල්ගත මිලට වඩා වැඩියෙන් මුදල් අය කළහොත් එම නියෝජිතයින්ගේ නියෝජිතභාවය අහෝසිකරන බවත්, ගොවි ජනතාවට ඒ සඳහා පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කිරීමට හැකි බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

    මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මගින් වැටලීම් සිදු කිරීමට පියවර ගන්නාලෙස ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

    එමෙන්ම කෘමිනාශක හා වල්නාශක ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ අලෙවි කිරීමේ වැඩසටහනට සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කළේ ය .

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අත්පිට මුදලට කෘමිනාශක හා වල්නාශක මිල දී ගෙන අදාළ සමාගම් සපයන වට්ටම අනුව ගොවීන්ට සහනමිලකට ඒවා අලෙවි කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මේ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් බිලියන02ක මුදලක් වෙන් කර ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ගොවීන්ට සහනයක් සැළසීම සඳහා ලබා දෙන වට්ටම වැඩි කර ලබා දෙන ලෙස දඅමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

    මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුලු නිලධාරින් පිරිසක් එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya