අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම - මගී පහසුව ඇති කිරීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ අවධානය

    නොවැම්බර් 24, 2022

    දුම්රිය, බස් රථ, පාසැල් වෑන් හා ටැක්සි සේවා ඇතුළු මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී සාකච්ඡා විය.

    මේ පිළිබඳ සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

    මෙම කාරක සභාව සඳහා මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ පාර්ශ්ව කිහිපයකම නියෝජිතයින් සහභාගී වූ අතර මේ වන විට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ ඒ ඒ පාර්ශ්ව වල අදහස් ලබාගැනීම සිදු විය.

    මෙහිදී ශ්‍රී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, ත්‍රී රෝද රථ සංගමය, පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ඇතුළු ප්‍රවාහන සේවා නියෝජිතයින් පෙන්වා දුන්නේ ඉන්ධන මිල මහළ යාම, වාහන ආනයනයට පනවා ඇති සීමා සහ වාහන අමතරකොටස් සම්බන්ධයෙන් පනවා ඇති සීමා හේතුවෙන් ඔවුන්ට දැඩි අපහසුතාවන්ට මුහුනපෑමට සිදු වී ඇති බවයි. විශේෂයෙන්ම වාහන ටයර ඇතුළු අමතර කොටස් වල මිළ 300% පමණ ඉහළ ගොස් ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ. එසේම වාහන අමතරකොටස් හිගය

    හේතුවෙන් බස් රථ, පාසැල් වෑන් රථ සහ ත්‍රී රෝද රථ ඇතුළු ප්‍රවාහනය සඳහා භාවිත වන රථ වාහන අඩුවෙමින් පවතින බවද මෙම නියෝජිතයෝ පෙන්වා දුන්හ. මෙහිදී මෙම සියලු තත්ත්යන් පිළිබඳ අවධානය යොමු කරමින් යෝජනා කිහිපයක් කමිටුව විසින් ඉදිරිපත් කරන බව අනු කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ අනුව වැදගත් යෝජනාවක් ලෙස මගී පහසුව ඇති කිරීම සඳහා මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම යෝජනා කරන බව ඒ මහතා පැවසීය.

    මේ අනුව මෙම සියලු යෝජනාවල එකතුවක් දෙසැම්බර් මස ජාතික සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

    මෙම කාරක සභාව සඳහා අමාත්‍ය නසීර් අහමඩ් රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, සිවනේසන්තුරෙයි චන්ද්‍රකාන්තන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් යන මහත්වරු සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya