නොවැම්බර් 28, 2022
tami eng youtube  twitter facebook

    විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත 23 දින සිට බලාත්මකයි 

    නොවැම්බර් 24, 2022

    පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග(සංශෝධන) යන පනත් කෙටුම්පත (23 දිනා සිට 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග(සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

    ඒ, අදාළ පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (23 දිනා සිය සහතිකය සටහන් කිරීමත් සමගයි. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් සැප්තැම්බර් මස 9 වැනි දින විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය කිරීම සඳහා උක්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥා පනත මගින් විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ සම්බන්ධ නීතිය සංශෝධනය කෙරේ. මත්ද්‍රව්‍ය ගෙන්වීම ළඟ තබා ගැනීම සහ භාවිත කිරීම සම්බන්ධයෙන් කාලීනව ඇතිවන අවශ්‍යතාවයන් මත පවතින නීතිය යාවත්කාලීන කිරීම සහ ශක්තිමත් කිරීම මෙම පනත සංශෝධනය කිරීමෙන් අපේක්ෂා කෙරේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya