අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ප්‍රජාතන්ත්‍රවාදී හඬ යළි මතු කළා- මන්ත්‍රී වජිර අබේවර්ධන

    නොවැම්බර් 24, 2022

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙම රජය භාරගත් නිසා, පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රීවරුන්ට සිය ප්‍රජාත්‍රන්තවාදී හඩ මතු කර ගැනීමට හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසිය.

    ප්‍රජාත්‍රන්තවාදීව අදහස් ඉදිරිපත් කිරීමට නොහැකිව ජනාධිපති කාර්යාලය ඉදිරියෙන් පවා නොගිය පිරිසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වේදිකාව සාදා දුන්නේයැයිද හෙතෙම සඳහන් කළේය.

    ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුළු ආයතන 25 ක වැය ශීර්ෂ පිළිබඳ (23) පාර්ලිමේන්තුවේ පැවති අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට ඒක්වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව පැවසීය.

    පසුගිය අරගල සමයේ දී ජනාධිපති කාර්යලය ඇතුළු මෙම ආයතන සියල්ල දමා දුවන තත්වයකට රට පත් වූ බවත් පාර්ලිමේන්තුව පවා රටට අහිමි වීමට ගිය බව පැවසූ වජිර අබේවර්ධන මහතා,
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වගකීම බාරගැනීම නිසා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට තම ප්‍රජාත්‍රන්තවාදී හඩ මතු කර ගැනීමට අවස්ථාව උදා වුයේ යැයිද සඳහන් කළේය.

    රටතුළ ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ ,මුදල් අච්චු ගැසීම හේතුවෙන් රට තුළ අසීමිත උද්ධමනයක් ඇති වී ඇති බවත් සමස්තයක් ලෙස පොදු ජනතාවටම ණයක්වත් ගැනීමට නොහැකි තත්වයකට රට පත්ව ඇතැයිද කීය.
    මේ හේතුව නිසා රජය අකමැත්තෙන් වුවද යම් යම් තීරණයන්ට ඒළඹි බවද හෙතනෙම සඳහන් කළේය. කැපී පෙනන බදු ප්‍රතිසංස්කරණයක් සහ වියදම් සීමා කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන් බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya