මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටෙන් තමන්ට වෙන දේ නෙවෙයි, තමන්ට රටට කළ හැකි දේ ගැන සිතන්න- අග්‍රාමාත්‍ය

    නොවැම්බර් 23, 2022

    රටෙන් තමන්ට වෙන දේ නෙවෙයි, තමන්ට රටට කළ හැකි දේ ගැන සිතන්න. පළාත් පාලන මන්ත්‍රී ගණන 8000 කළේ, ඡන්ද කමිටුව නොව යහපාලන ආණ්ඩුවයි; සර්වජන ඡන්දය හා ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය, ආරක්ෂා කිරීමට රජය කටයුතු කළා; -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    රටෙන් තමන්ට වෙන දේ නෙවෙයි, තමන්ට රටට කළ හැකි දේ ගැන හිතන්න යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කළේය. ඔහු මෙම ඉල්ලීම කළේ, 2023 අය වැය විවාදයේ කාරක සභා අවස්ථාවේ පළමු දිනයට (23 දින ) එක්වෙමිනි.

    ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, ස්වාධින කොමිෂන් සභා, පාර්ලිමේන්තුව,ආදී වැය ශිර්ෂ මෙදින විවාදයට ගත්තේය.

    හැකිනම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නයැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නයැයි අග්‍රාමාත්‍යවරයා සිය කතාවේදී විපක්ෂයට අභියෝගයක්ද කළේය. පළාත් පාලන මන්ත්‍රී ගණන 8000 කළේ, තමා සභාපතිත්වය දැරූ ඡන්ද කමිටුව නොව, යහපාලන ආණ්ඩුව බවද සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, පසුගිය කාලයේදී සර්වජන ඡන්දය හා ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය, ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ බවද අවධාරණය කළේය.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කිවේය.

     

    "ගරු කතානායනකතුමනි,
    අතිගරු ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍ය කාර්යාල සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන්, අමාත්‍ය මණ්ඩල කාර්යාල, රජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, අල්ලස් හා දූෂණ මුදල් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අපේ පාර්ලිමේන්තුව ඇතුළු මැතිවරණ කොමිෂන් සභාව, විගණන කාර්යාලය, පරිපාලන කොමසාරිස්තුමා පාර්ලිමේන්තු සීමා නීර්ණ කොමිෂන් සභාව ඇතුළු 25ක් ආවරණය කරන කාරක සභා අවස්ථාවේ, අපි එක්වෙන්නේ විශාල අර්බුදකාරී අවස්ථාවකට රට මුහුණ දෙන ප්‍රශ්නය හමුවේ, ඉදිරියට ගමන් කරන රජයක් හැටියට.ඊයේ දිනයේ අප ඉදිරපත් කරන අය වැය ලේඛනයට අනුමැතිය පාර්ලිමේන්තුවෙන් ලබා දීමෙන් පසුවයි,අපි මෙසේ එක්වන්නේ.

    මේ කාරක සභා අවස්ථාවේදී, මම කාල වේලාව ගත වෙන නිසා, පළවෙනියෙන් ස්තූති කරන්න කැමතියී, ගරු කතානායකතුමාටත්, නියෝජ්‍ය කතානායනක්‍තුමාටත්, ඒ වාගේම පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට, මේ කාල පරිච්ඡේදයේ කටයුතු කිරීම ගැන. පාර්ලිමේන්තුවේ අනිත් සේවක මණ්ඩලවලටද අපේ ස්තූතිය පළ කරන්නට ඕනේ. ඒ වගේම අනෙකුත් ආයතන සියල්ල ගැන කතාකරන්න වේලාව නොමැති වුණත් එම ආයතන ද මේ ජාතික කර්තව්‍ය ඉටු කරන කේන්ද්‍රීය ආයතන හැටියට අපිට අනුබල ලබා දී තිබෙනවා. අපට ශක්තිය ලබා දී තිබෙනවා.

    විශේෂයෙන් විගණකාධිපතිතුමා ඇතුළු විගණක කාර්යාලය,ඒ වාගේම නීතිපතිතුමා ඇතුළු ඒ මඟින් මඟ පෙන්වන අයතන රාශියක් ති‍බෙනවා. අපි මුහුණ දෙන අර්බුදයෙන් එහාට එන්න ඉතා පැහැදිලිව නාස්තිය නවතා කටයුතු කළ යුතු බවත්, අපි කරන වැය අඩු කර ගත යුතු බවත්, ප්‍රධාන කේන්ද්‍ර පියවරක් හැටියට ගනිමින් තිබෙනවා අය වැය ලේඛනයේ. ජනාධිපතිතමා එය ඉදිරපත් කරන අවස්ථාවේදීත් සඳහන් කළා. ගෙවී යන මේ වසරේ, පසුගිය මාස කීපය තුළ අප සියලු දෙනා මුහුණ දුන්නු අතිශය දුෂ්කර කාල පරිච්ඡේදය පිළිබඳව ආවර්ජනය කිරීම, කිලෝ මීටර ගණනන් දිග ඇදුණු තෙල් පෝලිම, කිරි පිටි, අනෙකුත් ආහාර ද්‍රව්‍ය, පෝර හිඟය, තැන් තැන්වල තාවකාලිකව පැවති විවිධ ගැටුම්, විදුලිය, ගෑස්, පොහොර වැනි අර්බුද හරහා අප ගත කරපු කාල පරිදච්ඡේදය සිහිපත් කරනවා. අවසානයේදී ‍රට ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ වෙනත් මාර්ගයකට ගෙන යන්නට තීරණාත්මක නව වසරේ ඇතුළත් කර ගැනීමට, පෙරළා දමා ගැනීමට ඇතිවුණු අර්බුදය ඔබට සිහිපත් කරනවා.

    ඔබතුමා කතානායකතුමා හැටියට, මේ කාලයේ ගත්ත පියවරට මම පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමා හැටියට පමණක් නොව, පාර්ලිමේන්තුවේ ජ්‍යේෂඨතම මන්ත්‍රීවරයෙක් හැටිය‍ට අපේ හිටිය මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඉන්නවා ස්තූතිවන්ත වෙනවා. අපට අමතක වෙන්න පුළුවන් ඒ දුෂ්කර කාලපරිච්ඡේදය. අරන් බලන්න. එක පැත්තකින් ජනාධිපති කාර්යාලයට පිවිසිලා එය විනාශ කළා. ජනාධිපති මන්දිරයට පිවිසිලා ඒක විනාශ කළා. බොහෝ අයට අමතකයි. අග්‍රාමාත්‍ය කාර්යාලයට පිවිසිලා ඒක විනාශ කළා. අග්‍රාමාත්‍යතුමා හැටියට හිටපු ඒ අවස්ථාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෙය ගිනිබත් කරලා පොළවට සමතලා කළා. රට පුරා අපේ මහජන මන්ත්‍රීවරුන්ගේ ජීවිතවලට තර්ජනය කළා. ගෙවල් දොරවල් විනාශ කළා. ගිනි බත් කළා. මෙයද ප්‍රජාතන්ත්‍රවාදය. නොවේ.

    ඒ වෙනුවෙන් නිහඬතාවයෙන් පසුවෙච්චි විරුද්ධ පක්ෂය කුමක්ද බලාපොරොත්තු වුණේ. නිහඩතාවයෙන් ඔවුන් බලාපොරොත්තු වුණේ රටේ පාලන තන්ත්‍රයේ වෙනසක් ඇතිකර ගැනීමේ අවස්ථාවට පිවිසෙන්න පුළුවන් කියලා. එහෙම හැසිරුණු විපක්ෂයක් තමයි අද මේ නැගිටලා කතා කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සදහා කැප වුණු අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හා අපේ නායක නායිකාවන් මන්ත්‍රීවරු සියලු දෙනා එකතු වෙලා ඉටු කළේ මේ රට 91ක් වසරක් තිස්සේ භුක්ති විදින සර්වජන ඡන්දය හා ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය, ආරක්ෂා කිරීමයි.

    ඡන්දය ගැන කතා කරනවා. ඡන්දයෙන් ආපු මේ ආයතන ආරක්ෂා කරන්න නැගිටලා කතා කළේ නැහැ. කණගාටුයි මම මේක කියන්නට ඕනේ. මේ වගේ දෙබිඩි කතාවල්වලින් පිරිච්ච කාලය මතකයි ඔබට කතානායකතුමනි, ඔබට මතකයි ඔබතුමාගේ නිවස වටලලා පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කරන්න පැමිණීම. අපි ඒ අවස්ථාවේ ඔබතුමා සමඟ කතා කළා. හිටියා. සාකච්ඡා කළා. එදා මොකද මේ විරුද්ධ පක්ෂයේ නායක නායිකාවන් කළේ. ලක් ඉතිහාසය එය නිහඩතාවයෙන් ගත කළත් එදා තීරණාත්මක සටනක්. පාර්ලිමේන්තුව හා මේ භයානක ත්‍රස්තවාදී ප්‍රහාරය කළා.

    ඒ අවස්ථාවේදී වත්මන් ජනාධිපතිතුමා අපේ, අග්‍රාමාත්‍යතුමා හැටියට මමත් ඔබතුමා එක්ක සාකච්ඡා කරලා, අපිත් එක්ක සාකච්ඡා කරලා තීරණයක් ගත්තා, අපේ ආරක්ෂක බලකායන්ට මේ තත්ත්වය යථා තත්ත්වයට වහාම පරිවර්තනය කිරීමේ ක්‍රියාමාර්ගයට අවශ්‍ය මැදිහත්වීම් කරන්න කියලා. ඒ අනුව ඒ පැමිණි කණ්ඩායම් විසුරුවා හරින්නට පුළුවන් වුණා. ඔවුන් පැමිණියේ විසුරුවා යන්න නොවෙයි. ඔවුන් පැමිණියේ පාර්ලිමේන්තුව ඇතුලට පිවිසිලා, පාර්ලිමේන්තුව අත්අඩංගුවට ගෙන, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තමන්ගේ අතට මෙහෙයවා ගන්න පුළුවන් අණසකට පරිවර්තනය කරගන්න. එය ඔවුන් දකින දේ. සිහිනය. නමුත් එය නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය හැටියට අපි විශ්වාස කරනවා මැතිවරණයකට පැමිණ, මහජන මතය සමඟ ඡන්දයකින් පත්වෙලා පාර්ලිමේන්තුවට පැමිණීමට.

    ගරු කතානායකතුමනි, මේවා ඔක්කොම අමතකයි. මේ පසුබිම හරහා රට ආරාජික වී අවුල් වී තිබුණු රටට යළි පාලනය ගෙන යන්නට පුළුවන් ආර්ථික තතත්වය, එදිනෙදා ජීවන තත්ත්වය, පාලන තන්ත්‍රය ගෙන එන්න පුළුවන්කම ඇති වුණා, ඒ මැදිහත්වීම නිසා. කතානායකතුමනි, ඔබතුමාට මම යළිත් සිහිපත් කරනවා. ඒ කණගාටුදායක අවස්ථාවේ ඔබතුමාට මතකයි, ඒ අභියෝගය හරහා ගමන් කරන කොට මුහුණ දෙන්නට සිදුවුණු ඉතාම භයානක තත්ත්වයන්.

    අද වෙනතුරු අපේ මන්ත්‍රීතුමාලට ඒ තත්ත්වයට සහනයන් දීම සදහා ගරු ජනාධිපතිතුමාත්, අමාත්‍ය මණ්ඩලය ඇතුළු මේ ආයතන රාශියක් මැදහත් වෙමින් ඉන්නවා. නමුත් එය හමාර නැහැ. ඒ නිසා මේ කොමිසන් සභාවල් සියල්ල යළිත් පත් කිරීමට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි ගෙනාවා. අපි පොරොන්දු වුණා. ජනාධිපතිතුමා අපි ඒක ක්‍රියාත්මක කරන්න. අපි ඒක ඉෂ්ඨ කළා. ඒ අනුව 21 වෙනි සංශෝධනය තුළ කොමිසන් සභා පත් කිරීම ඇතුළු ඒ පත්වීම් රාශියකට නිර්දේශ කිරීමේ බලය හා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමේ බලයට පරිවර්තනයක් කරලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු බලය වැඩි කරලා තිබෙනවා. පාර්ලිමේන්තුවට අළුත් බලයක් ලබාදීලා තිබෙනවා. ඒ ක්‍රියාමාර්ගයට අපි අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කළා. මම විශේෂයෙන් සදහන් කරන්න කැමතියි. අපි ඉන්නේ 21 වෙනි සංශෝධනයේ. ආණ්ඩුක්‍රමයේ. ඉතින් ආණ්ඩු ක්‍රමයේ 21 වෙනි සංශෝධනයකට ආවේ, 1 සිට 21 දක්වා පැමිණීමෙන්නේ.

    කොයිතරම් දුරට අපි ආණ්ඩු ක්‍රමය මේ විධියට සංශෝධනය කරලා තියෙනවාද කතානායකතුමනි, සමහර සංශෝධනවලට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියම කරපු ජනමත විචාරණවත් අද පවත්වලා නැහැ. මට මතක් වෙනවා මට කාලවේලාව නම් නැහැ. නමුත් මතක් කර දිය යුතුයි. පාර්ලිමේන්තුවේ කලවාන අතුරු තරගය තිබ්බාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කරලා. කලවානෙන් අතුරු තරගයෙන් මගේ මිත්‍ර අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාලා කවුරුත් දන්න සරත් මුත්තෙට්ටුවෙ මැතිතුමා පාර්ලිමේන්තුවට පත්වෙලා ආවා. මොකද ඊට සතියකට කලින් කළේ. සංශෝධනයක් ගෙනාවා. කළවාන මන්ත්‍රී ආසනය මොන ඡන්ද ප්‍රතිඵලය ආවත්, බහු මන්ත්‍රී ආසනයක් කරනවා කියලා. මෙවැනි විහිලු තමයි මේ අයගේ උරුමේ. මේවා මතක් කරලා දීලා ප්‍රජාතන්ත්‍රවාදයේ දොරකඩට තට්ටු කරලා මහ මැතිවරණය අහෝසි කරපු අය මේ. මහ මැතිවරණය අහෝසි කරපු අය.

    මේ රටේ ජනතාවගේ ගමන් මාර්ගය වෙනස් කරලා අපි පොදු ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනගලා, 94 අළුත් මඟකට මේ මහජන අයිතිවාසිකම් යළිත්, ස්ථාපිත කළා. මම මේ ටික යළිත් සිහිපත් කළේ, බොහෝ දේවල් දැන් මැතිවරණ කොමිසමට දෝෂාරෝපණය කරන්න අවශ්‍ය නෑ. මැතිවරණ කොමිසම ස්වාධීනව කටයුතු කරන ආයතනයක්. නමුත් මැතිවරණ නීතිය සකස් කිරීම හෝ වෙනස් කිරීම පාර්ලිමේන්තුවට නීති මගින් කරන්න පුළුවන් අයිතියක්. ඒ නිසා පාර්ලිමේන්තු නීතිය වෙනස් කිරීමේදී මම කලින් සදහන් කළා, පළාත් සභා නීතිය වෙනස් කරලා සම්මත කරන දවසේ, ඒක ඉදිරිපත් කරපු මන්ත්‍රීතුමාත් ඒකට විරුද්ධව ඡන්දය දුන්නා. මෙන්න යහපාලන ආණ්ඩුවේ නාඩගම්. අමතකයි. නාඩගම්.

    අපි කිව්වා මේක අවසාන වෙන්නේ අවුල් ජාලාවකින් කියලා. 151ක් එනකල් පාර්ලිමේන්තුව පැය ගාණක් නවත්වාගෙන හිටියා කතානායකතුමනි, මෙන්න මේවා සම්මත කරගත්ත හැටි. ඡන්ද තිබුණෙ නෑ. අන්තිමට මගේ මිත්‍ර කුමාර වෙල්ගම මැතිතුමාලා අපි එදා අපි ඒකට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. එදා අපි කිව්වා අවුලක් වෙන්නේ කියලා. අද දක්වා ගරු කිරි ඇල්ල මන්ත්‍රීතුමනි, පළාත් සභා මැතිවරණය සම්මත කර ගන්න දගලපු, ගෙනාපු නීතිය නිසා ඡන්ද තියන්න බැරිවෙයි කියලා.

    ලංකාවේ අයවැය ලේඛනයේ විශාල ප්‍රමාණයක්, මෙතන මුදල් කොමිසම ඉන්නවා. මුදල් කොමිසම වෙන්කරන විශාලතම මුදල් ප්‍රමාණයක් යන්නේ පළාත් සභාවලට. පළාත් සභා මහජන ඡන්දයක් තියාගන්න බැරි අවුල් ජාලාවකට පරිවර්තනය කරපු මේ අය දැන් කතා කරනවා මහජන ඡන්දයේ වටිනාකම ගැන. මහජන ඡන්දයෙන් ආපු, පත් වෙච්චි, මහජන මන්ත්‍රීවරුනට, මහජන නියෝජිතයන්ගෙන් පත් වෙච්චි අග්‍රාමාත්‍යතුමාට ජනාධිපතිතුමාට කටයුතු කරන්න ඉඩ නොදී විනාශකාරී දේශපාලන ක්‍රියාදාමයන්වලට හවුල් වී ඇති වුණු ඒ ඛේදවාචකයෙන් අපි රට ගොඩ ගෙන තියෙනවා.

    මම Sir I would like to just cought to little article which appeared after our discussion on that decisive day . on that decisive day. The Prime minister was Hon. Ranil Wickramasinghe. He was acting for the President. This is what the front-line carried. The false news. Sri Lanka Prime Minister Ranil Wickramasinghe announce his resignations. මේ වගේ බොරු ප්‍රවෘත්ති වලට ඉඩකඩ දෙමින්, සහයෝගය දෙමින්, In this article Harsha de Silva mp and the Former Minister his name appears So many matter that should I have been correction to my earlier twit on consist who asked to PM and President ---- කියලා. ඒ නිසා මම සිහිපත් කරනවා ඒ ටික ඇතුලත් කරන්න කියලා අපේ ගරු සුමන්තිරන් මන්ත්‍රීතුමා.ඒ නිසා මම සිහිපත් කරනවා ඒ ටික ඇතුලත් කරන්න කියලා.

    අපේ සුමන්දිරන් ගරු මන්ත්‍රීතුමා එවැනි ප්‍රකාශයක් කරපු දේ මේ front line news paper එකේ තියෙනවා. ඊට පසුදින 2022 on that day decisive day forces were able to defeat this terrorist who came. අපේ එක සොල්දාදුවෙක්ගේ ජීවිතය නැති වුණා. කතා කරනවාද කවුරුත්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ප්‍රජාතන්ත්‍රවාද මේ ආණ්ඩු ක්‍රමයේ කේන්ද්‍ර තැන් කිහිපයක් තියෙනවා. ජනාධිපති ධුරය, පාර්ලිමේන්තුව, ඒවාගේම ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු නීති පද්ධතිය. මේ ලිප් ගල් තුන ඒකාබද්ධව තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ දියුණුව හා යහපත හා ආරක්ෂාව පිණිස ක්‍රියාත්මක කරන්නේ. දැන් එය විනාශ කිරීම සදහා ජනාධිපතිතුමා. ජනාධිපති කාර්යාලය, ජනාධිපති නිවස , අග්‍රාමාත්‍යතුමා, අග්‍රාමාත්‍ය කාර්යාලය, අග්‍රාමාත්‍යතුමා ජීවත් වෙච්චි නිවසට පහර දුන්නා. ඒ වෙලාවේ අග්‍රාමාත්‍යතුමා ඒ නිවසේ හිටියා නම් ඔහු ජීවිතක්ෂයට පත්වෙනවා. කිසිවක් නෑ. ගිනිබත් වෙනවා. ඉතින් ඒ කටයුතු හෙලා දකින්න, ප්‍රතික්ෂේප කරන්න, ඒවා සිදුවෙන අවස්ථාවේ නිහඩතාවය මත කටයුතු කළ දේශපාලනඥයන් ඡන්දය හා දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. කණගාටුයි, ඒ නිසා මම මේ කාරණාවල් එකක් දෙකක් සඳහන් කළේ ගරු ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව විරුද්ධ පක්ෂයට එකට කටයුතු කරන්න ආරාධනය කරලා තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ අළුත් කාරක සභා ක්‍රමයක් යෝජනා කරලා තිබෙනවා.

    We enjoy this committee system from 1931 to 1948, The Committee system. මේක යටතේ අළුත් නීති රීති රාශියක් ආන්ඩුවේද, විපක්ෂයේද නැතුව එකට ඉදගෙන සකස් කරලා මේ රටේ යහපතට ඉදිරිපත් කරනු ලැබුවා. දැන් අපි ඇති කරගෙන යන්නේ කතානායකතුමා, ඔබතුමා එකඟතාවයෙන් අපි සම්මත කරපු මේ කාරක සභාවල්වලට එවැනි එකඟතාවයෙන් වැඩ කරන්න පුළුවන් ක්‍රියාවලියකට අපි වැටුණු මේ ආර්ථික තත්ත්වයෙන් ගොඩ එන්නට ඕනේ. මේ අපි පිළිගන්නවා විරුද්ධ පක්ෂෙත් පිළිගන්නවා. විරුද්ධ පක්ෂය නිතර දෙවේලේ ආර්ථිකය ගැන සැක මතු කරමින්, නගන උත්සාහයන්වලින් පෙනෙන්නේ, ඔව් කිසිම ඕනෑ කමක් නෑ මේ ආර්ථික අර්බුදයකට අපි මුහුණ දීලා තිබෙන , ඉතිහාසයේ කවදාවත් නොවැටුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සදහා ඉදිරිපත් කොට කටයුතු කරගෙන යන ක්‍රියාමාර්ගයට ඔවුන්ගේ සහයෝගයක් ලබාදීමේ ඕනෑකම ප්‍රකාශ වෙන්නේ නෑ.

    මම ඊට පස්සේ සඳහන් කරන්න කැමතියි, මේ අපි පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන සඳහන් කළා. මෙතන කොමිසම සමාජිකයෝ සවන්දීගෙන ඉන්නවා ගරු කතානායකතුමනි, කොමිසමට බලයක් ලබාදීමට පාර්ලිමේන්තුවට පුළුවන්කම ලැබෙනවා. දැනට කොමිසම් සභාවේ කටයුතු එසේම මැතිවරණ කොමිසම් සභාව කටයුතු කරගෙන යනවා.

    මානව අයිතිවාසිකම් කොමිසම් සභාව තියෙනවා. මානව අයිතිවාසිකම් කොමිසම් සභාව විවිධ පැමිණිලි විවිධ ආකාරයෙන් විමර්ශනය කරනවා. මේ ප්‍රධාන කේන්ද්‍රීය ආයතන අල්ලස් දූෂණ කොමිසන් සභාව, පළාත් සක්‍රීය කර ගැනීම සඳහා වූ උත්සාහය. අපි ඒ වෙනුවෙන් කැපවී තිබෙන බව රාජාසන ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කතාවෙදි පැහැදිලිව සදහන් කළා.

    මට කිරි ඇල්ල මැතිතුමා කිව්වා මම දිගටම මැතිවරණ කොමිසම් සභාවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. අපි වාර්තා තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒ වාර්තා නීතිය බවට පත් කරන්නේ ඒ කාල පරිච්ඡේදයේ පවතින ආණ්ඩුව විසින්. ඒ වගේම අපි පළාත් පාලන නීතිය වෙනස් කළා. මිශ්‍ර ඡන්ද ක්‍රමයට ඒකාබද්ධව පිවිසෙන්න. ඒ අනුව සම්මත කළ නීතිය නොවෙයි, 8000 දක්වා ගෙනිච්චේ. ඒ 8000 දක්වා ගෙනිච්චේ යහපාලන රජයේ ඡන්ද නීතියයි. ඔබලා රැස්වෙලා, ඔබලාගේ හවුල් කාරයන් හැටියට එකතුවුණු කණ්ඩායම් සනසන්නට මේ රටේ ඡන්ද ක්‍රමය වෙනස් කරලා පළාත් පාලනය සම්පූර්ණයෙන් අවුල් ජාලාවකට පත් කළා. ඉතින් කිරි ඇල්ල ඇමතිතුමා කියනවා ඒක නිර්දේශ කළේ මා සභාපතිත්වය දරපු කමිටි එකෙන් කියලා. නැහැ. මේ සත්‍ය කතාව වසන් කරගෙන තමන්ගේ හානිකර ක්‍රියාවලිය තමන්ගේ රජයන් කාලේ අද ඔබ විත්තිකරුවන් බවට පත් වෙනවා. චූදිතයන්.

    ඔව් අපිට ඕනකම තියනවා 4000 කට අඩු කරන්න. ඒක අපි අවංකව කියනවා. ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ කිව්වා. අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඒ අනුව පියවරයන් ගනිමු. ඡන්ද මැතිවරණ වියදම් අඩු කළ යුතුමයි. කොමිසම් සභා වාර්තාවට අපේ තේරීම් කාරක සභා පවත්වන්න අත්සන් නොකළාට හකීම් ඇමතිතුමා මගෙත් එක්ක එකඟ වෙයි. මේ මැතිවරණ වියදම් දරන්න බෑ. මේ වියදම් අඩු කළ යුතුමයි. ඒකෙ නීතිය සම්මත කළා. ඉදිරිපත් කරලා සම්මත කළොත් එහි අඩුපාඩුව මොකද්ද? මං හිතන්නෙ නැහැ මැතිවරණ කොමිසම බැහැ කියයි කියලා. මැතිවරණ කොමසම නිර්දේශ කරලා එවපු එක තමයි අමාත්‍ය මණ්ඩලය අනුමත කළේ.

    ඒ නිසා මේ වෙනස්කම් සිදු කිරීමට පාර්ලිමේන්ත්තුව තුළ ඔබේ සහයෝගය අවශ්‍ය වෙනවා. ප්‍රජාත්නත්‍රවාදය අපි ආරක්ෂා කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රීය ආයතන ආණුඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කටයුතු කරන්න ස්වාධීනත්වය හා ක්‍රියාකාරීත්වයට අපි සම්පූර්ණ සහයෝගයක් නොදුන්නොත් රට තවත් අවුල් ජාලාවකට පරිවර්තනය කිරීමේ ඕනෑකම පමණයි තිබෙන්නේ. ඒ නිසා මම යළිත් සිහිපත් කරනවා මගේ මිත්‍ර විපක්ෂ සංවිධායකතුමාට ජනාධිපතිතුමා තෝරන ඡන්දයේදී ඔබතුමාලත් අපේක්ෂකයෝ තොරගෙන ඡන්දය ප්‍රකාශ කළා. අපිත් අපේකෂකයෙක් තෝරලා රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ප්‍රකාශ කළා. එතුමාට 134ක් ඡන්දය ලැබුණා. පාර්ලිමේන්තු මහ බහුතරය රට නියෝජනය කරන මන්ත්‍රීතුමාලගේ අති මහත් බහුතර ඡන්දයකින් ජනාධිපතිතුමා බවට පත් වුණා. මොකද කොහොමද කියන්නේ ජනමතයක් නැහැ කියලා. ජනමතය තමයි මන්ත්‍රීවරු නියෝජනය කරමින් ඒ පත් කළේ. ඔබතුමාලා ජනමතය තියනව නම්, ඔබතුමාලට යෝජනාවක් ගේන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා. නිතර නිතර කියවනවා කියවනවා, ගේන්න යෝජනාවක් බලන්ඩ. පාර්ලිමේන්තුවට තීරණයක් ගේන්න පාර්ලිමේන්තුව විසුරුවන්න. ඒ වගන්තිය තියනවානේ. ඇයි පාවිච්චි කරන් නැත්තේ. එය පාවිච්චි කරන්න බැරි ඔබතුමන්ලාට මේ පාර්ලිමේන්තුවට ඔප්පු කොට, සහයෝගයක් ගන්න බෑ ක්‍රියාවලියට. ඒක තමයි සත්‍යය. එළිපිටත් සත්‍ය එයයි. ඇත්ත තත්ත්වය එයයි.

    අපි උත්සාහය දරන්නේ මේ ආර්ථික සමාජ අර්බුදය. අපේ ණය අර්බුදයෙන්, ඒ වගේම අපේ ජාතික නිෂ්පාදනය අර්බුදයෙන් අපි රට ගොඩ ගෙන යම් කිසි දුරකට මේ කටයුතු ඉදිරියට ගෙන යාමට අප රට වැසියාට ඒ අවස්ථාව ලබාදීමයි. එය තමයි අපට අද ඉටු කළහැකි කර්තව්‍ය ලෙස අපි සලකා ආර්ථික වර්ධනයකට ක්‍රමානුකූලව පරිවර්තනය වෙන්න ඕනේ. ගරු කතානායකතුමනි, අලුත් දොරටු මේ අතර විවෘත කරන්නට ඕනේ. අය වැය ලේඛනයෙන් ඒ අලුත් දොරටු නම් කරලා තිබෙනවා. ඒ වගේම ඒ දොරටු තුළ අලුත් පරම්පරාවට අපේ රටේ නිෂ්පාදනයේ යෙදී සිටන ජනතාවට අවස්ථාව සළසා දීමට පුළුවන් වෙයි කියන එක අපි විශ්වාස කරනවා.

    මෙසේ සඳහන් කරමින් අද දින මම යළිත් වරක් මගේ මිත්‍රයන්, විශේෂයෙන් අපි එකට විරුද්ධ පක්ෂයේ ඉන්න කොට, එකට වැඩ කළා කිරිඇල්ල මැතිතුමාට මතකයි. අපි යම් යම් කරුණු වෙනුවෙන් එදා පෙනී සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කර ගැනීමට මේ ආයතන රැකගැනීමට කටයුතු කිරීමේදී පක්ෂ භේදයක් අපි බැලුවේ නෑ. මේ ආයතන ආරක්ෂා කර ගන්න ඕනේ. ඒවායේ වෙනස්කම් ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කරලා ඇති කර ගත හැකි. ඒ වෙනස්කම් ඇති කිරීමට ජනාධිපතිතුමා සහ රජය කැප වී තිබෙනවා.

    ගරු කතානායකතුමාට එය සඳහන් කරන අතර, විශේෂයෙන් මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. වෛරය අතාරින්න. මේ රටේ දේශපාලනය වෛරය මතයි තිබෙන්නේ. පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කර ගත හැක්කේ වෛරයෙන් තොරව කතා කරන්න පුළුවන් නම්. මේ වෛරය පදනම් කරගෙන තමයි සියලු කරුණු එන්නේ. බුදුන් වදාළ ධර්මය නහී වේරේන වේරානි කිව්වා. අපි කවුරුත් කියනවා. වෛරයෙන් වෛරය නොසන්සිදේ කියන කතාව තමයි ජේ.ආර්. ජයවර්ධන මහතා මුදල් අමාත්‍යතුමා හැටියට San Francisco නුවරට ගිහිල්ලා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළේ ජපානයේ යුද්ධය හමාර කරපු වෙලාවේ. අද දක්වා ජපානය ශ්‍රී ලංකාව දිහා බලන්නේ ඒ වචන ටික මත. ඒ අනුව අපි කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව කටයුතු කරන්න අපි ඉගෙන ගමු. අලුතෙන් එන පරම්පරාවට ඉඩ කඩ දොරටු විවෘත කරලා දෙමු. එය තමයි රටේ අනාගතය. නිෂ්පාදනය, ආදායම වැඩි කර ගත හැකි රටක් බවට පරිවර්තනය කර ගැනීම.

    ගරු කතානායකතුමනි, අවසාන වශයෙන් මම සිහිපත් කරනවා, ජෝන් එෆ් කෙනඩී The president of the United states who was assassinated while he was in office. When it to good oaths when his address to the nation what did he say finally “Ask not what America can do for you Ask what you can do for America your country.“ දැන්වත් මේ ඇමෙරිකන්වාදයේ මූලධර්ම, ඇමෙරිකන් වාදය කියන්නේ අර ඡන්දය දෙන එක විතරක් නෙවෙයි, ඇමෙරිකන්වාදයේ මූලධර්ම I studied in USA. I don’t repent for studying in the United State I know the hardship of the poor in united states’ I know the hardship of working people in united states. How they bargain how the compromised to the achieved what they has to achieved while the economic grows.

    ඉතිං ඒ නිසා මම කියන්නේ , රටෙන් තමන්ට වෙන දේ නෙවෙයි, තමන්ට රටට කළ හැකි දේ ගැන හිතන්න. එය තමයි මේ පාර්ලිමේන්තුවේ, මං හිතන්නේ මේ අවස්ථාවේ අපි කැප විය යුතු තවත් වැදගත් කර්තව්‍යයක්. අපි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ, සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයට මුල් තැන දී සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරයට ගෙන යාම සඳහා අද දින මේ සාකච්ඡා කරන ආයතන රාශියේම ගෞරවයත්, ඒ වාගේම එහි වගකීම් දරන සියලු දෙනාටත් අපි ලබා දිය හැකි හැම ශක්තියක්ම පාර්ලිමේන්තුව තුළින් අපේ රජයෙන් ලබා දීමට කැප වී සිටින බව සඳහන් කරමින් මා නවතිනවා.
    ................

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මතු කළ කරුණකට අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

    ගරු කතානායකතුමනි, according to the constitution we have acted. Parliament acted to the constitution. මෙතුමාට මම යළි පාඩමක් උගන්නන්න කැමතියී. මොකද එතුමාට වඩා මම ජ්‍යේෂ්ඨයි. මට මතකයි නෙවිල් සමරකෝන් අග්‍රවිනිශ්චයකාරතුමාට, ‍කෙරුවේ මොකක්ද ?නැත්තේ මොකද, ඔබතුමා හිටියේ නෑ එදා . ඔබතුමා හිටියා නම් දන්නවා, අතන බස්සලා කාරෙකෙන් ගෙනාපු හැටි පාර්ලිමේන්තුවට I was eyewitness. And I was I member of select committee. එ‍්ක නිසා ඔබතුමන්ලා නොකළයි කියන්න එපා, නෙවිල් සමරකෝන් අග්‍රවිනිෂ්යකාරතුමාට කළ දේ. මම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙන්න පාර්ලිමේන්තුවට බලය තියෙනවා. ඒක පාර්ලිමේන්තු බලයක්. ඒ නිසා අපේ මිත්‍රයෙක් ද, අපේ පැරණි මිත්‍රයෙක්ද කියන කාරණාව නෙවෙයි. යම් යම් කාරණා උඩ පාර්ලිමේන්තුව එසේ උත්තර දුන්නා."

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya