අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ද්‍රවිඩ ජාතිකයින් පමණක් ඉලක්ක කරගනිමින් නිවාස පරීක්ෂා කරන බවට කරන චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍යයක්

    නොවැම්බර් 23, 2022

    ද්‍රවිඩ ජාතිකයින් පමණක් ඉලක්ක කරගනිමින් නිවාස පරීක්ෂා කිරීම් සිදු කරන බවට කරන චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද(23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    කොළඹ නගරයේ වැල්ලවත්ත, බම්බලපිටිය , කොල්ලුපිටිය ආදී නගර වල සිටින දමිළ වැසියන්ගේ නිවෙස් වලට ගොස් ලියාපදිංචි කිරීම් සහ පරීක්ෂා කිරීම් සිදු කිරීම ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසීය.

    කොළඹ නගරයට පිට පළාත් වල සිට පැමිණි පුදගලයින්ගේ තොරතුරු ලබා ගැනීම සාමාන්‍ය සිදුවන ක්‍රියාවලියක් බවත් කොළඹ ප්‍රදේශයේ නිවෙස්වල පදිංචි පුද්ගලයන් පිළිබඳ විස්තර ලබා ගැනිම සාමාන්‍යයෙන් සිදු වන ක්‍රියාවලියක් බවත් දෙමළ නිවෙස් වල පමණක් නොව සිංහල , මුස්ලිම් සෑම නිවෙසකම තොරතුරු මෙසේ ලබා ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

    යුද්ධයට පෙර සිට අපරාධ වැළැක්වීම සඳහා වන මෙම 76 පත්‍රිකාව පුරවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya