අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිම බලපෑමකට පොලිසියේ මාරුවීම් කරන්න සූදානම් නෑ- මහජන ආරක්ෂක ඇමති

    ඔක්තෝබර් 06, 2022

    කිසිම බලපෑමකට පොලිස් නිලධාරින්ගේ මාරුවීම් සහ පත්වීම් ලබා දීම සිදු නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් අණ්ඩු පක්ෂයෙන් තමාට කිසිම බලපෑමක් නොමැති බවද අමාත්‍යවරයා කීය.

    දේශපාලඥයින් කියූ පරිදි පොලිස් නිලධාරින් පත්වීම් හෝ උසස්වීම් ලබා දීම සිදු නොවන බවත් සුදුසුකම් බලා එම කටයුතු සිදු වන බ වද අමාත්‍යවරයා කීය.

    සියළු දෙනාම රටේ නීතිය තිබිය යුතු බව කිය කියා නීතිය කඩන බවද උද්ඝෝෂණ පැවැත් විය යුතු ස්ථාන වල උද්ඝෝෂණ පවත්වන්නේ නම් කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya