අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හැකි ඉක්මණින් පහළ අදායම් ලබන කණ්ඩායම් සුරක්ෂිත කිරීම රජයේ ප්‍රධාන අරමුණයි - මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

    ඔක්තෝබර් 06, 2022

    හැකි ඉක්මණින් පහළ අදායම් ලබන කණ්ඩායම් සුරක්ෂිත කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවත් ඒ අනුව, වර්තමාන රජය විසින් කිසිවිටෙක සමාජ සුභසාධන කප්පාදුවක් සිදු නොකරන බවත් ෂෙහාන් සේමසිංහ මහතා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සුභසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන්, පවුල් හඳුනා ගැනීම මැයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී අවධාරණය කළේය.

    මෙරට තුළ විවිධ ආකාරයෙන් සමාජ ශුභසාධක ආධාර ලබා ගන්නා ප්‍රජාවන් මෙරට දැනටමත් සිටින අතර සුභසාධක ආධාර ලබා දීමේ පොරොත්තු ලේඛනයේ දැනටමත් 867,606 ක් සිටින අතර පොරොත්තු ලේඛන වල සිටින අයටත් ශුභසාධන ලැබීම පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ඇතිව තිබෙන අතර ඔවුන්ටත් මෙම ප්‍රතිලාභ ලැබීමට හැකි වන ආකාරයෙන් රජය කටයුතු කිරීමට වග බලා ගන්නා බවත් හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය.

    ඒ අනුව, ශුභසාධන ලැබීම සඳහා නිවැරදි ක්‍රමවේදයක් හැකි ඉකමණින් සකස් කර ඊට ශුභසාධන ලැබෙන සහ බලාපොරොත්තු වෙන සුදුසු/නිවැරදි පුද්ගලයින් එනම් රජයෙන් ලබා දෙන සුභසාධන ලැබීමට සුදුසු කිසිවෙකුත් මඟ නොහැරෙන පරිදි එක් කර ගැනීම සඳහා දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා තොරතුරු ලබා ගැනීමට දැනටමත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති අතර මෙම දත්ත පද්ධතිය සකස් කිරීම සඳහා ඇතුළත් කර ගැනීමේ අරමුණින් සුභසාධක ලැබීමේ හා ලැබීමට බලාපොරොත්තු වන පුද්ගලයින් ලියාපදිංචි කරගැනීමට දැනටමත් ඉල්ලුම් පත්‍ර කැඳවා ඇති අතර එම අයදුම් කිරීමේ දිනය ඔක්තෝබර් දක්වා දීර්ඝ කර ඇති බවත් හෙතෙම පැවසීය.

    මෙම ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව රජය විසින් සිදු කරන බව හෙතෙම පවසන ලදුව ජනතාව ද නිවැරදි තොරතුරු දත්ත පද්ධතිය වෙත ලබා දීමට කාරුණික වන ලෙසත්, එමඟින් වඩාත් විනිවිදභාවයකින් යුතු ව නිවැරදිව මෙම කර්තව්‍ය සිදු කළ හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya