අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් නැවතත් ඉන්ධන පෝලිම් ඇති නොකරන්න

    ඔක්තෝබර් 06, 2022

    විවිධ වැරදි මත සමාජගත කරමින්,මෙරට ඉතිරිව සිටින ඉන්ධන සැපයුම්කරුවන් කිහිපදෙනා ද  මෙරටින් යවන තත්ත්වයට පත් නොකරන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(16) පාර්ලිමේන්තුවේ දී  ඉල්ලා සිටියේ ය.

    මාස ගණනක් වැසී තිබුණු ඉන්ධන පිරිපහදුව නැවත විවෘත කිරීම සඳහා මැදිහත් වූ‍ සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වූ රජයේ නිලධාරින් වෙනුවෙන් තමා සෑම විටම තමා පෙනී සිටින බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දායාසිරි ජයසේකර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද යම් අවධානමක් ගෙන,මේ රටට ඉන්ධන සැපයීමට එකඟග වූ සමාගම් වලට ස්තුතිය පුදකරන බවද කීය.

    අද වන විට ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදය පහසු වී තිබෙන බවත්, දින 05 සිට පැවති ඉන්ධන පෝලිම් අවසන් වී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් යම් අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් නැවතත් ඉන්ධන පෝලිම් ඇති නොකරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya