නොවැම්බර් 28, 2022
tami eng youtube  twitter facebook

    ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් දත්ත ලබාගැනීමට කටයුතු කරනවා- සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්

    ඔක්තෝබර් 06, 2022

    ජනතාවගේ පෝෂණ තත්ත්වය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශය සහ අදාළ සම්බන්ධීකරණ ඒකක පසුගිය කාල වකවානුව පුරාම නිසි අවධානයෙන් කටයුතු කිරීම හේතුවෙන් පෝෂණය සම්බන්ධයෙන් හදිසි පෝෂණ සැලැස්මක් සකස් කර 2022 ජුනි මාසයේ සිට එය ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්. ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ, (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ජාතික පෝෂණ මාසය වෙනුවෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    පසුලිය කාල පරිච්ඡේදයේ අන් කවරදාකටත් වඩා පෝෂණය පිළිබද විශේෂයෙන් කතාබහ කරන තත්ත්වයක් දුටු බවද, එම තත්ත්වය හමුවේ මෙරට සියලු ජනතාවගේ අවධානය ඒ පිළිබදව යොමුවීම සම්බන්ධයෙන් සතුටු වන බවද කියා සිටි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, මෙම හදිසි පෝෂණ සැලැස්ම ජාතික, ප්‍රාදේශීය සහ පළාත් මට්ටමෙන් යාන්ත්‍රණයක් දක්වා ක්‍රියාවට නැංවීමට හැකිවූ බවද සදහන් කළේය.

    සෞඛ්‍ය අමාත්‍යංශය මෙම හදිසි පෝෂණ සැලැස්මේ පවතින පියවරයන්ට අමතරව සෑම වසරකම පෝෂණ මාසය නම්කර මෙරට ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් යම් යම් නිර්ණායකයන් සහ දත්ත ලබාගැනීමට කටයුතු කරන බවද පැවසුවේය.

    මෙහිදී ළමා පෝෂණය සහ මාතෘ පෝෂණය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ බවද, අපගේ සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ජනතාවගෙන් 90%ක් ආවරණය කරගනිමින් සමීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවද කියා සිටියේය.

    මෙම පවතින ආර්ථික අර්බුදය හමුවේ පුද්ගල මෙන්ම ප්‍රජා පෝෂණය යහපත්ව පවත්වාගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් මෙම වසරේ ඔක්තෝබර් මාසය ජාතික පේෂණ මාසය ලෙස ප්‍රකාශයට පත් කළ බවද වැඩසටහන් ගණනාවක් මෙම මාසය තුළදී ක්‍රියාවට නංවන බවද කියා සිටියේය.

    හදිසි පෝෂණ සැලැස්ම 2022 – 2024 ලෙස සකස් කර ඇතැයිද, ජනාධිපති කාර්යාලයත් මේ පිළිබදව දැනුවත් කරමින් ජනාධිපතිතුමන්ගේ විශේෂ අවධානයට එය යොමු කරමින් ඉදිරි වැඩකටයුතු සංවිධානය කිරීමටත්, ආහාර සුරක්ෂිතතාවය රැකගැනීමටත් කෙටි කාලීන සහ මධ්‍යකාලීන වැඩසටහන් සැලසුම් සහගතව සංවිධානය කර ඇතැයිද සදහන් කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya