මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බටහිර රටවල්වලට මේ රටේ ස්වාධිපත්‍යට හානි කිරීමට ඉඩ දිය නොහැකියි

    ඔක්තෝබර් 05, 2022

    කඩිනමින් සත්‍ය සොයා යාමේ යාන්ත්‍රණයක් රට තුළ සකස් කිරීමට රජයට වගකීමක් තිබෙනවා - විදේශ අමාත්‍ය , ජනාධිපති නීතිඥ අලි සබ්රි

    ප්‍රතිඵලයකුමක් වුවත් මෙරට ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාවය හා මෙරටේ අනන්‍යතාවය පාවා දීමේ සූදානමක් කිසිසේත්ම නොමැති බවත්, බටහිර රටවල් වලට මෙරට ස්වාධිපත්‍යට හානි කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවත්, විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (05) අවධාරණය කළේය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට සහභාගී වෙමින් සිටින විදේශ අමාත්‍යවරයා අද (05) ජිනීවා හි සිට Zoom ඔස්සේ සහභාගී වෙමින් ජිනීවා සාකච්ඡා ප්‍රගතිය පිළිබඳව රටට පැහැදිළි කරමින් මේ බව ප්‍රකාශ කළේය.

    බටහිර රටවල් අප රටට මානව හිමිකම් චෝදනාව මුල් කරගනිමින් සිදු කරන බලපෑම් සම්බන්ධයෙන් මාස තුන හතරක සිට තානාපති කාර්යාල හරහා රටවල් හතරේ කණ්ඩායම ( ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය සහ එංගලන්තය) සමඟ සාකච්ඡා කර ඇති නමුත් මේ ලොව බලවත් රටවල් සමඟ ඔවුන් සතුව තිබෙන මූල්‍යමය, ආර්ථිකමය යන කරුණු සමඟ ශ්‍රී ලංකාව ගැටීම පහසු කරුණක් නොවන බව විදේශ අමාත්‍යවරයාවරයා මෙහි දී සඳහන් කරන නමුත් ශ්‍රී ලංකාවට පක්ෂපාතිව ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩු වී තිබීම මඟින් සමස්ත ලෝක ප්‍රජාවම ලංකාවට එරෙහි වනවා යන්න නොහැගෙන බව ප්‍රකාශ කළේය.

    එමෙන්ම ඡන්ද ලබා දීමේ හැකියාව ඇත්තේ රටවල් 47 කට පමණක් නමුත් ඉන් රටවල් 13 ක් ම යුරෝපිය රටවල් වේ. ඇතැම් රටවල් ලංකාවට සහාය පල කිරීමට අදහස් කරන නමුත් ඇතැම් හේතුන්/ බලවේගයන් මත ලංකාවට ඔවුන්ගේ සහාය ද නොලැබීමේ හැකියාවක් තිබෙන බවත්, මෙකී කරුණු ඉතාමත්ම අභියෝගාත්මක කරුණු වන බව හෙතෙම සඳහන් කළ නමුත් රටේ ස්ථාවරත්වය කිසිවිටෙක වෙනස් නොවන අතර රටේ ස්වෛරීභාවයට හා ස්වාධිපත්‍යට වෙනත් රටවල් වලට අතපෙවීමට කිසිඳු ඉඩක් දිය නොහැකි බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

    ඒ අනුව, මෙරට “සත්‍ය සොයායාමේ යාන්ත්‍රණයක්” කඩිනමින් ශ්‍රී ඉදිරිපත් කිරීමේ විශාල වගවීමක් ලංකා රජයට තිබෙන බව තවදුරටත් අවධාරණය කළ අලි සබ්‍රි මහතා එමඟින් ලංකා නීතිය තුළ දී මානව හිමිකම් කඩවීම සම්බන්ධ වීම සම්බන්ධව යම්කිසි චෝදනාවක් ඇත්නම් එම චෝදනාවන පිළිබඳව සොයා බලා පීඩාවට පත්වූ වින්දිතයින්ට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීමට, ලංකාව තුළ සිදු වූ දේ එක ජන කොට්ඨාසයකට/එක් සමාජයකට සිදු වුවක් නොව පොදුවේ සමස්ත ශ්‍රී ලාංකිකයින්ටම සිදු වුවක් බව ප්‍රකාශ කිරීමට සහ යම්කිසි අපරාධමය වරදක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත් මෙහි දී කරුණු පැහැදිළි කළේය.

    එසේනොවුනහොත් කිසිදිනෙක මෙරට රණවිරුවන්ගේ හොඳ නම ආරක්ෂා කර ගැනීමට හැකියාවක් නොලැබෙනු ඇති බවත්, මෙම යාන්ත්‍රණය සකස් කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධව LLRC වාර්තාවේ සහ පරණගම වාර්තාවේ ද සඳහන් කර ඇති නමුත් ලංකාව තුළ ක්‍රියාත්මක නොවීමේ යම් අතපසුවක් ව සිදුව තිබෙන බව පිළිගත හැකි සත්‍යක් වන නමුත් සිදු විය යුත්තේ මෙම “සත්‍ය සොයායාමේ යාන්ත්‍රණය” කඩිනමින් සකසා සමාජගත කිරීම සිදු කළ යුතු හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya