අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ගේ අභිවෘද්දිය වෙනුවෙන් ඉදිරියේ දී විශාල වැඩකොටසක් කිරිමට බලාපොරොත්තු වෙනවා - ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති

    ඔක්තෝබර් 02, 2022

    මෙරට දරුවන්ගේ අභිවෘදිය වෙනුවෙන් ඉදිරියේදී විශාල වැඩකොටසක් කිරීමට බලාපොරොත්තුවන බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.

    විශේෂයෙන් මෙරට දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණය, ආරක්ෂාව, අධ්‍යාපනය, අයිතිවාසිකම් මෙන්ම දරුවන් සම්බන්ධ ආයතන වල ක්‍රියාත්මක වන වෘත්තීන් වල ගුණාත්මකභාවය පිළිබඳව ද අවධානය යොමු කිරිමට තම සංසදය බලාපො‍රොත්තු වන බවද සභාපතිනිය පැවසුවාය.

    දරුවන් සම්බන්ධව සෘජු වගකීමක් ඇති අමාත්‍යාංශ වන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සහ ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතන සමග ඉදිරියේදී වඩාත් සක්‍රීයව කටයුතු කිරීමටද අපේක්ෂා කරන බවද කවිරත්න මහත්මිය සඳහන් කළාය.

    කවිරත්න මහත්මිය මේ බව සඳහන් කළේ, ඔක්තොබර් පළමුවැනිදා ට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමිනි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya