අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ කොටුව සිට මහනුවර දක්වා අද සිට විශේෂ සංචාරක දුම්රියක්

    ඔක්තෝබර් 01, 2022

    2022 ඔක්තෝබර් 01 වන දා සිට සෑම සති අන්තයකම කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ආරම්භ වෙයි.

    ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කරයි.

    පසුගිය දා (29) දුම්රිය දෙපාර්තෙම්න්තුවේ ඉදිරි සැලසුම් සහ නව දුම්රිය වාර ආරම්භ කිරීම පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසීය.

    නව සංචාරක දුම්රිය පෙ.ව. 6.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පෙරවරු 9.18 ට මහනුවරට ළඟා වෙයි. නැවතත් පස්වරු 4.50ට මහනුවරින් පිටත් වන දුම්රිය පස්වරු 7.40ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙයි. දළදා මාළිගාව වැඳපුදා ගැනීමට සහ පේරාදෙණිය මල්වත්ත නැරඹීමට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙම විශේෂ දුම්රිය සැලසුම් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යවරයා කියයි. පළමු පන්තියේ ටිකට් පතක මිල රුපියල් 2000ක් වන අතර 2 වන පන්තියේ ටිකට් පතක මිල රුපියල් 1500කි.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya