මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයිනට සංක්‍රමණික ප්‍රතිපත්තියක් සැකසීමට ශ්‍රී ලංකාවේ අත්දැකිම් ලබාගැනීමට එරට දූත පිරිසක් මෙරටට  

    සැප්තැම්බර් 30, 2022

    ශ්‍රී ලංකාවේ පවතින දේශගුණික තත්ත්වය තුළ මෙරටට සංක්‍රමණිකයන් පැමිණීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ ඉහළ අවධානයක් යොමු කිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    එවැනි සංක්‍රමණිකයන් පැමිණීමේ දී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි විශාල වගකීමක් පවතින බවත් අමාත්‍යවරයා කීය.

    මාලදිවයිනෙහි සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ අත්දැකීම් ලබාගැනීම වෙනුවෙන් මෙරට සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ කොළඹ පැවති විශේෂ වැඩමුළුවකදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ බව කීය.

    මෙරට සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය 2013 වසරේදී ස්ථාපිත කෙරුණු අතර එය අධ්‍යනය කර අත්දැකීම් ලබාගැනීමේ වැඩමුළුව සඳහා මාලදිවයින් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය ෂා මාහිර් (Dr.Shah Mahir) මහතා ඇතුළු 17 දෙනෙකුගෙන් සමන්විත එරට නියෝජිත පිරිසක් මෙරටට පැමිණ තිබේ.

    මාලදිවයිනේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් හා සහයෝගය ලබාගැනීම සඳහා මාලදිවයිනේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා හා අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර සාකච්ඡාවක් මෙහිදී සිදු විය.

    ශ්‍රී ලංකාවෙන් විදෙස් රටවලට සංක්‍රමණය වන පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට වගකීමක් ඇති බවත්, ඉහළ යමින් පවතින එවැනි සංක්‍රමණික තත්ත්වයන් හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකීම් තවදුරටත් ඉහළ යනු ඇතැයි ද අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය.

    නේවාසික වීසා අයදුම්කරුවන් සදහා රට අභ්‍යන්තර සෞඛ්‍ය තක්සේරුවේ දී අනුගමනය කරන මහජන සෞඛ්‍ය ආකෘතිය ගැන සතුටු වන බවත් ඒ වෙනුවෙන් කැපවී සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    කොරෝනා වසංගතය හේතුවෙන් සංක්‍රමණික ප්‍රතිපත්තිය සඳහා විශාල බලපෑමක් වූ බව ද එය ශ්‍රී ලංකාවට පමණක් නොව ගෝලීය වශයෙන් වූ බලපෑමක් යැයි ද විශේෂයෙන් රටවල් අගුළු දැමීමට ලක් කිරීමෙන් පසු ශ්‍රී ලාංකික පුරවැසියන් මෙරටට ආරක්ෂිතව ගෙන්වා ගැනීමේදී යම් යම් වෙනස් කිරීම් කිරීමට සිදුවූ බවද ඒ තුළ සෞඛ්‍ය ප්‍රතිපත්තියට යම් බලපෑමක් එල්ල වූ බව ද අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවැසීය.

    මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං,ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සරත් දාෂ් (Sarat Dash) මහතා ඇතුළු එහි නිලධාරීන් පිරිසක්ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස්,නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්(මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය සුසි පෙරේරා ඇතුළු මහත්ම මහත්මන් පිරිසක් සහභාගි වූහ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya