අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළවලු සහ පළතුරු ප්‍රවාහනයට දුම්රිය යොදාගැනීමේ වැඩපිළිවෙලක්

    සැප්තැම්බර් 30, 2022

    ප්‍රවාහන කටයුතුවලදී ඉන්ධන පිරිවැය වැඩිවීම හේතුවෙන්, ඊට විකල්පයක් ලෙස එළවලු සහ පළතුරු ප්‍රවාහනයේදී දුම්රිය යොදාගැනීමට වැඩපිළිවෙලක් යොදා ඇති බවත්, නුදුරේදී මේ සම්බන්ධ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත්, , ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ  (29) පැවති “දුම්රිය ඉදිරි සැලසුම් සහ නව දුම්රිය ගමන්වාර ආරම්භ කිරිම” යන මැයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මේ වන විටත් ඉන්ධන වැනි දෑ මේ වන විටත් දුම්රියෙන් රැගෙන යන බවත්, නුදුරේදී එළවලු පළතුරුවලට අලාභහානි නොවී දුම්රියෙන් රුගෙන යාමේ පහසුකම ඇති කිරීමේ ක්‍රමවේදය සාකච්ඡා කරන බවත්, ඒ අනුව විවිධ භාණ්ඩ දුම්රියෙන් ප්‍රවාහනය කිරීම ආරම්භ කරන බවත්ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya