අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔක්තෝබර් මස 01 සිට සති අන්තයේ මහනුවරට සුඛෝපභෝගී දුම්රියක්

    සැප්තැම්බර් 29, 2022

    එළැඹෙන ඔක්තෝබර් මස 01 සති අන්තයේ සිට සුඛෝපභෝගී දුම්රියක් අඛණ්ඩව මහ නුවර වෙත සෑම සතිඅන්තයකදීම ධාවනය වීමට නියමිත බවත්, කලින් ආසන වෙන්කිරීමට හැකියාව ඇති බවත්, මහනුවර දක්වා එක් ගමන්වාරයකදී පළමු පන්තියේ ආසනයකට රුපියල් 2000ක් පමණක් බවත්, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (29) පැවති “දුම්රිය ඉදිරි සැලසුම් සහ නව දුම්රිය ගමන්වාර ආරම්භ කිරිම” යන මැයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් සතිඅන්ත සංචාරවල යෙදුනු පිරිසට තිබූ බාධාව ඉවත් කරමින් සතිඅන්ත සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාවක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බවත්, එහි පළමු දුම්රිය ලෙස ඇල්ල ඕඩීසි සංචාරක දුම්රිය ඉකුත් සතිඅන්තයේ ආරම්භ කළ බවත්, ඉදිරියේදී මෙම දුම්රිය සතියකට දෙවරක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවත්,පැවසීය.

    ඉදිරියේ දී අනුරාධපුරය දක්වා සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, එ සම්බන්ධයෙන්ද දැනුම් දීමට නියමිත බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya