මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''රළ පෙළ දිනන දරුවෝ '' වැඩසටහන බේරුවල, මොරගල්ල වෙරළ තීරණයේ දී

    සැප්තැම්බර් 29, 2022

    ලෝක ළමා දිනය පදනම් කරගනිමින් ධීවර ජනාවාස ආශ්‍රිතව ජිවත්වන සෙමින් මනස වර්ධනය වන දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීමේ වැඩසටහනක් ලෝක ළමා දිනය දා පැවැත්විමට නියමිත බවත්, එය බේරුවල මොරගල්ල වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිත බවත්, ධිවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.

    ධීවර පවුල්වල දරුවන්ගේ කුසළතා සංවර්ධන වැඩසටහන් ලෙස ''රළ පෙළ දිනන දරුවෝ '' වැඩසටහන ඔක්තෝබර් මස 01 දින පෙ.ව 8.00ට බේරුවල මොරගල්ල වෙරළ තීරණයේ දී පැවැත්වීමට නියමිතය.

    “ධීවර ජනාවාස ආශ්‍රිතව ජිවත්වන සෙමින් මනස වර්ධනය වන දරුවන්ගේ කුසලතා වැඩසටහන” යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(29) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය පියල් නිශාන්ත පැවසුවේ මෙම වැඩසටහන ලෝක ළමා දිනයට පමණක් සීමා වන වැඩසටහනක් නොවන බවත්, එය සමස්ත වර්ෂය පුරාම පැවතිය යුත්තක් බවත්ය. මෙම වැඩසටහන කලුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වී සමස්ත දිවයින පුරා පැවැත්වීමට නියමිත බවත්, දෙවන වැඩසටහන උතුරු පළාතේත් අනතුරුව අනෙකුත් පළාත්වලත් පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව සෙමින් මනස වැඩෙන දරුවන් 300කට අධික ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් එම පිරිසගේ දක්ෂතා කුසලතා වර්ධනය කිරීමට කටයුතු කරන බවත්, එම දරුවන් සම්බන්ධයෙන් සුභවාදී මානසිකත්වයෙන් දකින්නට ප්‍රජාව හුරුකිරීමට මෙම වැඩසටහන් යොදාගන්නා බවත්, අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya