නොවැම්බර් 28, 2022
tami eng youtube  twitter facebook

      බහුදින ධීවර යාත්‍රා සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධති සවි කෙරේ

    සැප්තැම්බර් 29, 2022

    නව තාක්ෂණය ධීවර කර්මාන්තයට හඳුන්වා දීම වෙනුවෙන් සියලුම බහුදින ධීවර යාත්‍රා සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධති සවිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, මේ වන විට යාත්‍රා දෙදහසකට අධික ප්‍රමාණයකට එම නිරීක්ෂණ පද්ධති සවිකර ඇති බවත්, ඉදිරි මාස කිහිපය තුළ මෙම නිරික්ෂණ පද්ධති සවිකිරීමේ කටයුත්ත අවසන් කිරීමට හැකි බවත්, ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.


    “ධීවර ජනාවාස ආශ්‍රිතව ජිවත්වන සෙමින් මනස වර්ධනය වන දරුවන්ගේ කුසලතා වැඩසටහන” යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(29) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

     

    ඒ අනුව චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලැබෙන දත්ත පදනම් කරගෙන ධීවරයින් සඳහා මත්ස්‍ය බිම් පිළිබඳ පුරෝකථන දත්ත ලබාදීමට කටයුතු කරන බවත්, එතුළින් බහුදින යාත්‍රා මුහුදේ ගතකරන කාලය අඩුකිරීමට
    මෙන්ම ධිවරයාට යන වියදම අඩුකිරීමට කටයුතු කරන බවත්, සුසන්ත කහවත්ත මහතා පැවසීය.

    මීට අමතරව මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කිරීමේදී ආනයන සීමා පැනවීමට මෙන්ම ඒ සම්බන්ධයෙන් පනවා ඇති බදු වැඩිකිරීමට කටයුතු කරන බවත්, එමගින් දේශීය ධිවරයා නගාසිටුවීමට කටයුතු කරන බවත්, සුසන්ත කහවත්ත මහතා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya