අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දින සැමරුමට සමගාමීව සම්මන්ත්‍රණයක්

    සැප්තැම්බර් 28, 2022

    තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය සෑම වසරකම සැප්තැම්බර් 28 වන දිනට යෙදී තිබෙන අතර එම දිනයට සමගාමීව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවිධානයෙන් විශේෂ සම්මන්ත්‍රණ වැඩසටහනක් අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

    මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරි පියතිස්ස රණසිංහ මහතා සහභාගී විය. මේ අවස්ථාවේ දී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම සඳහා වන කාර්ය පටිපාටිය ජනගත කිරීම සිදු විය.

     ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඊ.එම්.එස්.බී.ජයසුන්දර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිලිත් කරුණාරත්න මහතා, අනෙකුත් අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල තොරතුරු නිලධාරීන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya