මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කජීමාවත්තේ නිවාස ගිනිගැනීමේ සිද්ධීන් ගැන අවසාන වාර්තාවක් වහා සකසන්න - අගමැතිගෙන් උපදෙස්

    සැප්තැම්බර් 28, 2022

    මෝදර මාදම්පිටිය කජීමාවත්තේ නිවාස ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්, අවසාන වාර්තාවක් කඩිනමින් සකසන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඒ සඳහා පත් කෙරුනු කමිටුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ඒ, කොළඹ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට (28 පෙරවරුවේ )එක්වෙමිනි. මීට පෙරද වසර එකහමාරක් තුළ තුන් වතාවක් මෙම වත්තේ නිවාස ගිනිගෙන ඇති බවට තොරතුරු අනාවරණ වන නිසා එකල පරීක්ෂණ වාර්තාද සැලකිල්ලට ගෙන අවසාන වාර්තාව සකසන්නැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    මෙහිදී අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නේ, නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම වත්ත, ස්ථිර පදිංචි කිරීම්වලට පෙර අතරමැදි නවාතැනක් ලෙස පවත්වාගෙන යාම නතර කිරීමට හැකියාව පවතීද යන්න වාර්තා කරන ලෙසය. මෙම ස්ථානයේ අනවසර පදිංචිවීම් බහුල වශයෙන් සිදුවන බවට රැස්වීමේදී තොරතුරු අනාවරණය වීම නිසා මේ සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බව ඔහු සඳහන් කළේය.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ ක‍ළේ කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ස්ථාපිත කර මෙම ගින්න සහ එම ස්ථානයේ අනවසර පදිංචිවීම් ගැන ගතයුතු පියවර පිළිබඳ සොයාබලා, එම කමිටුවේ වාර්තාව අනුව තීරණ ගතයුතු බවය.

    ආහාර, තාවකාලික නවාතැන්, පාසල් දරුවන්ට අවශ්‍ය උපකරණ අදි, ගින්න හේතුවෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය සහන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් කඩිනමින් සපයා ඇති බවද මෙම රැස්වීමේදී අනාවරණ විය.

    කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  ප්‍රසන්න රණතුංග , ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන  යන මහත්වරුන් මෙන්ම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු  මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  යදාමිණී ගුණවර්ධන  ගාමිණි ලොකුගේ, සරත් වීරසේකර , මධුර විතානගේ, ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු සහ  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ලේකම් ප්‍රදීප් රත්නායක , කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya