අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැංකු පද්ධතිය ආරක්ෂා කර ගනිමින් ව්‍යවසායකන්ගේ ණය වාරිකවලට සහනයක්

    සැප්තැම්බර් 28, 2022

    සහන පිළිබඳ වාර්තාවක් මුදල් අමාත්‍යාංශයට. - රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලයි.

    පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්ත්වයන් ආරක්ෂා කරගනිමින් ණය ලබාගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි.

    ද්‍රවශීලතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බැංකු සිය පොලී අනුපාතයන් ඉහළ දමා ඇති තත්ත්වය තුළ ඇතැම් ව්‍යවසායකයන් පීඩාවට පත්ව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා එම පියවර ගැනීම අත්‍යාවශ්‍ය වුව ද ව්‍යවාසයකයන් ආරක්ෂා කර ගැනීම ද අතිශය වැදගත් බව හෙතෙම අවධාරණය කරයි.

    එබැවින් ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව යමින් අදාළ සහන ලබා දීමට ඇති හැකියාව සොයා බලන ලෙස අමාත්‍යවරයා බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේ ය. අදාළ බැංකු මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යාංශය දැනුම්වත් කරන ලෙස ද සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු වෙතින් ඉල්ලීමක් කළේ ය. ‍

    ඊයේ (27) පස්වරුවේ රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ සියලු රාජ්‍ය බැංකුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya