අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොටළඟ කජීමාවත්ත ගින්නෙන් හානියට පත් සැමට කඩිනම් සහන- කොළඹ දිස්ත්‍රික් ලේකම්

    සැප්තැම්බර් 28, 2022

    කොළඹ, තොටළඟ කජීමාවත්ත ප්‍රදේශවලට සිදු වූ ගින්නෙන් හානියට පත් අය වෙනුවෙන් කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළේ ය.

    කොළඹ, තොටළඟ කජීමාවත්ත ප්‍රදේශයේ නිවාසවලට ඇති වූ ගින්නෙන් සිදු වූ හානිය නීරීක්ෂණය කිරීමට සහ කඩිනම් සහන සැලසීම පිළිබඳව සොයාබැලිමට කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත විය.

    මෙම වතු ආශ්‍රිතව නිවාස 220ක් පමණ පිහිටා ඇති අතර ඉන් නිවාස 54ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර අර්ධනිවාස හානි 11ක් සහ පුද්ගලයින් 300ක් අවතැන් වී ඇති බවත් ඒ මහතා එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

    මෙම අවතැන් වූ පිරිස් වෙනුවෙන් කඩිනමින් සහන සැළසීමට අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උපදෙස් ලබා දුන් බවත් මේ වන විට මෙම අවතැන් වූ පිරිස් ආරක්ෂිත ස්ථානවල රැඳවීමට කටයුතු කර ඇති බවත් හෙතෙම කියා සිටී.


    එසේම ඔවුන්ට අවශ්‍ය ආහාරපාන සහ සනීපාරක්ෂක පහසුකම් සළසා දී ඇති බව පෙන්වා දෙන ඒ මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය , කොළඹ මහනගර සභාව , කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා සහ ග්‍රාමනිලධාරීවරයා සියලු කටයුතු සම්පාදනය කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


    එසේම වසර 1 1/2ක් තුළ තුන්වරකදී මෙම ගින්න හටගෙන ඇති බව පෙන්වා දෙන යසරත්න මහතා මෙම ප්‍රදේශයේ පදිංචි ජනතාවට ඉතා ඉක්මනින් විකල්ප ස්ථාන ලබා දීමට කටයුතු කරන බවද කියා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya