මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොටලඟ ගින්නෙන් පීඩාවට පත්වූවන්ට වහාම සහන සළසන්න - ජනපති ජපානයේ සිට උපදෙස් ලබාදෙයි

    සැප්තැම්බර් 28, 2022

    කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීරණයක අද පස්වරුවේ ඇතිවූ ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලූම නේවාසිකයින්ට වහාම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් දෙයි.

    මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වී කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාව, ගිනි නිවන හමුදාව, සෞඛ්‍ය අංශ, නාගරික සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් අදාල සියලූම රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයන් වහාම සිදුකොට අද රාත්‍රියේ සිටම එම මහල් නිවාස සංකීරණයේ පදිංචිව සිටි පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන් සොයා බලා ඒ වෙනුවෙන් කඩිනම් පහසුකම් සළසන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

    ඒ අනුව එම සියලුම අංශ මේ වනවිටත් ගිනි නිවීමට අවශ්‍ය උපරිම මැදිහත්වීම ලබාදීමටත් අනෙකුත් අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සැපයීමටත් පියවර ගෙන තිබේ.

    විශේෂයෙන් මේ තත්ත්වය මත දැඩි අපහසුතාවට පත්වන මව්වරුන්ට, කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳවත් සොයා බලන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

    PMD

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya