අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් සහ මහජන ආරක්ෂක ඇමැති අතර හමුවක්

    සැප්තැම්බර් 27, 2022

    ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ ට්‍රැවලර් මහතා, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී (23 දා) පැවැත්විණ.

    ගෙවුනු මාස කිහිපයෙහි දේශපාලනික වශයෙන් පැවති මහජන විරෝධතා පිළිබඳවත් වත්මන් රටතුල පවතින සාමකාමී තත්ත්වය ගැනත් ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ කාර්ය භාරය පිලිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

    මෙහිදී මයිකල් ඇපල්ටන් මහතා ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස බෝට්ටු මගින් නවසීලන්තයට පැමිණීමේ අවධානමක් පවතින බවත් එය වැලැක්වීමට සහයෝගය දක්වන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya