නොවැම්බර් 28, 2022
tami eng youtube  twitter facebook

    ඖෂධීය භාවිතයට කංසා අපනයනය පිළිබඳ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට

    සැප්තැම්බර් 26, 2022

    එළඹෙන ඔක්තෝම්බර් මස 05 වන විට දේශීය වෙදකම් අමාත්‍යංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඖෂධීය භාවිතයට කංසා අපනයනය කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකිවෙතැයි විශ්වාස කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා කියා සිටියේය.

    ඔහු මේ බව පැවසුවේ, පසුගියදා (23) දේශීය වෙදකම ජාත්‍යන්තරයට රැගෙනයාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්මිනි.

    ට්‍රිලියන 04කට වඩා වැඩි වෙළඳපොලක් ජාත්‍යන්තර වෙළඳපොලේ ඖෂධීය කංසා වලට හිමිව පවතින බවද, ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව පමණක් අපනයනය අරමුණු කරගනිමින් අපට මෙම වෙළඳපොල ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නෛතික කරුණු මේ වන විට සම්පාදනය වන බවද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya