මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ සභාපති අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ

    සැප්තැම්බර් 24, 2022

    ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ සභාපති ධුරයට අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පත්වෙයි.

    පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරයට අදාළව නව සභාපති වශයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා (21) ඒකමතිකව තේරී පත්විය.

     

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් සාමාජිකයන් නම්කරන ලදී.

     

    මේ අනුව මෙම කාරක සභාවේ සෙසු මන්ත්‍රීවරු ලෙස ඩිලාන් පෙරේරා, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, කබීර් හෂීම්, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල, කනක
    හේරත්, විජිත බේරුගොඩ, තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, ජී. ජී. පොන්නම්බලම්, හේෂා විතානගේ, කෝකිලා ගුණවර්ධන, වීරසුමන වීරසිංහ සහ සමන්ප්‍රිය හේරත් යන මහත්ම මහත්මීහූ කටයුතු කරති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya