අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුම ආගමික ස්ථාන වෙනුවෙන් දිගු කාලීන සහනයක් ලබාදීමේ හැකියාව සොයාබැලීමට ජනපති උපදෙස්- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    සැප්තැම්බර් 23, 2022

    විදුලි බිල වැඩිවීම හේතුවෙන් ගැටලුවට පත්ව සිටින සියලුම ආගමික ස්ථාන වෙනුවෙන් දිගු කාලීන සහනයක් ලෙස සූර්ය විදුලිබල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ලබා දියහැකි වෙනත් සහනයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහාත් ජනාධිපතිවරයාගේ උපදෙසින් කටයුතු ආරම්භ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(23දා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ජනමාධ්‍යවේදියකු විසින් විදුලි බිල වැඩිවීම හා එය ආගමික සිද්ධස්ථානවලට ඇතිකර තිබෙන බලපෑම සම්බන්ධයෙන් ඔහුගෙන් විමසු විට අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් වන අවසාන තිරණයක් ලබාගැනීමට හැකි ඉක්මනින් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා නියෝග කළ බවත්, ඒ අනුව ඉදිරියේදී කිසියම් දිගුකාලීන සහනයක් අනිවාර්යයෙන්ම ආගමික සිද්ධස්ථාන වෙත ලැබෙනු ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරත් පැවසීය.

    විදුලි බිල ගෙවීමට තමන් අපොහොසත් බව ඇතැම් භික්ෂුන්වහන්සේලා පවසන බවත් ඒ පිළිබඳ අදහස කුමක්ද යන්නත් මාධ්‍ය විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ, සුපේෂලකාමී රටකට අනුශාසනා කරන ආගමික නායකත්වය සාමාන්‍ය ජනතාව මෙන් තීන්දු තීරණ නොගනු ඇති බව තමන් විශ්වාස කරන බවත්, සාකච්ඡාව සම්මුතිය මගින් වඩා සාර්ථක විසඳුමකට පැමිනෙනු ඇති බවත්ය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya