මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

    සැප්තැම්බර් 22, 2022

    ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කිරිමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

     

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ දී 23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය නැරඹීමට අද (22) පෙරවරුවේ එක් වූ අවස්ථාවේ දී ය.

    නිදහස් සමරු පොත් ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ද සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය.

    අද පෙරවරුවේ ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා ඇතුළු පිරිස විසින් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සාමාජිකයන් වන විජිත යාපා, එච්.ඩී. ප්‍රේමසිරි, ආරියදාස වීරමන්,අතුල ජයකොඩි යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මෙවර පොත් ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශකයන්ගේ කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර එම ප්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පොත් ප්‍රකාශකයන් සහ ලේඛකයන්ගේ තොරතුරු විමසමින් කෙටි කථා බහක නිරත විය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදර්ශන භූමිය වෙත පැමිණ සිටි ජනතාව සමග ද සුහද කතා බහක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya