අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිපෝෂ සම්බන්ධයෙන් කිසිකෙනෙකු අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැහැ - සභාපති, ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ආයතනය.

    සැප්තැම්බර් 22, 2022

    ත්‍රිපෝෂ සම්බන්ධයෙන් කිසිකෙනෙකු අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නොමැති බවත්, දැනට ගම්වලට ගොස්  මවුවරුන්ට ලබාදී ඇති සියලු දේ එදා මවුවරු ත්‍රිපෝෂ සමාගම කෙරෙහි තැබූ විශ්වාසය දිගටම තබාගනිමින් නිපදවා ඇතැයිද, මෙය ව්‍යාපාරයක් වශයෙන් නොව මහජන සේවයක් ලෙස රජය දෙන මුදලින් පවත්වාගෙන යන බවද ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ආයතනයෙහි සභාපති දීප්ති කුලරත්න මහතා පැවසුවේය.

    සභාපතිවරයා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ බව පැවසුවේ, මේ දිනවල විෂ සහිත රසායනිකයක් අඩංගු ත්‍රීපෝෂ සම්බන්ධව සිදුවන ප්‍රචාර ගැන ප්‍රතිචාර දක්වමිනි.

    වසර 50කට ආසන්න ඉතිහාසයක් ඇති ත්‍රිපෝෂ සමාගම ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා මූලික අමුද්‍රව්‍ය 02ක් යොදාගන්නා බවද, එනම් 66%ක් බඩඉරිගු සහ 32%ක් සෝයා බෝංචි යොදාගනිමින් කිරි පිටි, විටමින් සහ මිනරල් වර්ග යොදාගනිමින් රසකාරක, කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොකරමින් හුමාලයෙන් තම්බන ලද ආහාරයක් ලෙස පැකට් කර මෙය ලබාදෙන බවද මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබදව පැහැදිලි කළ ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා, මෙම ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවද කියා සිටියේය.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණයට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙකුම මේ සම්බන්ධව කටයුතු කරන බවද, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආර් ඩී එච් ඔෆිස්  විසින් එවන ලද ඇණවුම් වලට ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන බවද  වැඩිදුරටත් කියා සිටියේය.

    මෙහි ඇෆලොටොක්සීන් අඩංගු බවට පසුගියදා මතභේදයකට තුඩුදුන් බව කියාසිටි දීප්ති කුලරත්න මහතා, ඇෆලොටොක්සීන් යනු බඩඉරිගු වගාවේදී ඇතිවන දිලීරයක් බවද ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල් වල මෙම ඇෆලොටොක්සීන් සම්බන්ධයෙන් සාදාගත් ක්‍රමවේද ඇතැයිද එමනිසා මේ සම්බන්ධයෙන් සාදාගත් ප්‍රමිතියක් ඇතැයිද පැහැදිළි කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya