අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විමර්ශනයක්- සෞඛ්‍ය අමාත්‍ය

    සැප්තැම්බර් 22, 2022

    ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (22) පාර්ලිමේන්තුවේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    රටේ පවතින ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
    දේශීය බඩ ඉරිගු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ඉන්දියාවෙන් ආනයනය කෙරිණි. එහිදී ඇෆ්ලටොක්සීන් රසායනයේ යම් යම් වෙනස්කම් ඇතිවන්නට හැකි බව හෙතෙම පැවසීය. මෙම ගැටළුව මීට මාස එකහමාරකට පමණ පෙර සිදුවූවකි. සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් ඒ පිළිබදව ඕනෑම පාර්ශවයක් සමග විවෘතව සාකච්ඡා කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නැගූ පැණයකට පිළිතුරු දෙමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya