අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය වසරේ දී අපනයන භෝග අපනයනයෙන් ඩොලර් මිලියන 460ක ආදායමක්

    සැප්තැම්බර් 22, 2022

    පසුගිය වසරේ දී අපනයන භෝග ආශ්‍රිතව ( කුරුඳු ගම් මිරිස් ආදී ) අපනයනයෙන් ඩොලර් මිලියන 460ක ආදායමක් උපයා තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

    මෙම ආදායම ම මෙම වසරේ දී ද ලබාගත හැකිවේ යැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය. 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ දී අපනයන ආදායමේ සියයට 30% වැඩි වීමක් සිදු වූ බවත් අගයදාම එකතු කිරීමේ වැඩසටහන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මඟින් කර්මාන්ත රැසකට ආධාර ලබා දී තිබෙන බව අමාත්‍යවරයා කීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya