අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    , විදේශ රටවල මෙරට කුළු බඩු ප්‍රචලිත කිරීමට පියවර

    සැප්තැම්බර් 21, 2022

    අද වනවිට කුළු බඩු නිෂ්පාදනයේ යෙදී සිටින ගොවියන්ට සාධාරණ මිලක් ලබාදීමට තම ආයතනය කටයුතු කර ඇති බවත්, විදේශ රටවල පවා මෙරට කුළු බඩු ප්‍රචලිත කිරීමට තමන් කටයුතු කර ඇති බවත්, කුළුබඩුු හා ඒ ආශ්‍රිත අලෙවි මණ්ඩලයේ සභාපති කුමුදුනී ගුණසේකර මහත්මිය පවසයි.

     “ගොවියාට උපරිම මිලක් පාරිභෝගිකයාට සහන මිලක්” යනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (සැප්තැම්බර් 21 දා) පැවති පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් ඒ මහත්මිය මේ බව පැවසුවාය.

    මේ වන විට විදේශ රටවලින් පවා මෙරට කුළුබඩු සඳහා ඇණවුම් ලැබෙන බවත්, සිය ආයතනය පටන්ගෙන වසරක් ගතවී නොමැති වුවද මේ වන විට විදේශ විනිමය ඇතුළු සාර්ථක ආදායම් උපයන ආයතනයක් බවට පත්වීමට සිය ආයතනයට හැකිවී ඇති බවත්, එම ආයතනය අද වන විට නිෂ්පාදකයන්, අපනයනකරුවන් හා ගැණුම්කරුවන් එකට සම්බන්ධකරන ප්‍රධාන ස්ථානයක් බවට පත්වී ඇති බවත්, සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya