අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යම් භාණ්ඩයක ප්‍රමිතිය පිළිබද නිරවද්‍ය දත්ත හා වාර්තා වලින් තොරව ප්‍රකාශ නිකුත් කිරීම රටට හානියක්- වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

    සැප්තැම්බර් 22, 2022

     යම් භාණ්ඩයක ප්‍රමිතිය පිළිබද නිරවද්‍ය දත්ත හා වාර්තා වලින් තොරව ප්‍රකාශ නිකුත් කිරීම රටට හානියක් බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, (21 දින ) ජා ඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති පාරිභෝගික කමිටු පිහිටුවීමේ හා ජාතික ව්‍යාපාර නාමාවලිය සඳහා ව්‍යාපාරික ආයතන ලියාපදිංචි කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

    මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම පාරිභෝගික කමිටු හරහා ලිඛිතව යම් භාණ්ඩයක මිල,ගුණාත්මක තත්ත්වය පිළිබඳව වූ පැමිණිලි දැනුම් දීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමි වන බවයි.ඒ අනුව එම ලැබෙන පැමිණිලි මෙම කමිටුව මඟින් පාරිභෝගික සේවා අධිකාරිය වෙත ඉදිරිපත් කරනු ලැබේ. දියුණු රටවල මෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරිමට හැකි ශක්තිමත් කමිටුවක් බවට මෙම කමිටුව පත් වනු දැකීම සිය අපේක්ෂාව බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී. එ් සඳහා මෙම කමිටු ප්‍රවර්ධනයට අදාළ යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා සදහන් කරන ලදී. එදිනෙදා අත්‍යාවශ්‍ය ආහාර සපයා ගැනීමට අපහසු පවුල් හදුනා ගැනීමත්,එ් හරහා ඔවුන්ට විශේෂ අවධානය යොමු කොට සහන සැළසීමේ වැඩපිලිවෙලක්ද මෙම කමිටුව හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ හමුවේ පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩයන්හි මිල සැලකිය යුතු අන්දමින් පහළ යමින් පවතින බවත්.සනීපාරක්ෂක තුවා වල මිල ඉහළ යාම පිලිබදවද ඊට අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර, පාසැල් ශිෂ්‍යාවන් සඳහා සහන මිලට සනීපාරක්ෂක තුවා ලබා දීම සම්බන්ධයෙන්ද විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට එහිදී අවධානය යොමු වු බවත්ය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දැනටමත් අපට අවශ්‍ය සහල් වලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදු වී තිබෙන බවත්, පසුගිය සමයේ කෘෂිකාර්මික වශයෙන් සිදුවු පසුබෑම හේතුවෙන් හාල් මිල ඉහළ යන බවට වූ ප්‍රකාශ යථාර්තයක් නොවූයේ රජය මඟින් ගෙන ගිය සහල් ආනයනය කිරීමේ වැඩ පිළිවෙල හරහා බවයි. එළවළු,පළතුරු,සහල් ඇතුළු සියළු භාණ්ඩ ස්වයංපෝෂිතව රට තුළ නිපදවිය හැකි බවත්, ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ නිෂ්පාදන වැඩි කිරීමේ වැඩ පිළිවෙලක් මේ වන විටත් ආරම්භ වී තිබෙන බවත් සඳහන් කරන ලදී.

    ජාතික ව්‍යාපාර නාමාවලිය සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාරික ආයතන සඳහා ලියාපදිංචි සහතික ප්‍රධානය කිරීමක්ද මෙම අවස්ථාවට සමගාමීව සිදු විය. මෙම අවස්ථාව සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම් එස්.ටී කොඩිකාර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරුන්,ගම්පහ දිස්ත්‍රික් ලේකම්,ජා ඇළ ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගී වූහ

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya