අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය

    සැප්තැම්බර් 21, 2022

    ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පතට දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය පසුගිය (16) වැනිදා හිමි විය.

    මේ සඳහා එකඟතාවය හිමි වූයේ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

    මෙම පනත් කෙටුම්පත 1982 අංක 06 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි. මේ අනුව ලබන 22 වැනිදා ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිතව ඇත.

    මීට අමතරව ජාතික චිත්‍රපට සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත්කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සහ ස්වාධීන රූපවාහිනී සේවය හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ශ්‍රේණිගත කිරීමේ වාර්තාවලින් ඉදිරියට ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එසේම විවිධ මාධ්‍ය ආයතන මගින් යම් යම් ප්‍රවෘත්ති විකෘති කර ප්‍රචාරය කිරීම පිළිබඳවත් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.

    මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර, කණක හේරත්, සිරිපාල ගම්ලත්, ගීතා කුමාරසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. මරික්කාර්, සංජීව එදිරිමාන්න, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, අසංක නවරත්න, මොහොමඩ් මුසම්මිල්, සුමිත් උඩුකුඹුර, මධුර විතානගේ, ජගත් කුමාර සුමිත්‍රආරච්චි සහ යදාමිණී ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya