අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක වීසා මුවාවෙන් මිනිස් ජාවාරම් කරන මාෆියාකරුවන්ට දැඩි ව නීතිය ක්‍රියාත්මක කරනවා

    අගෝස්තු 18, 2022

    සංචාරක වීසා ලබා දෙන මුවාවෙන් මිනිස් ජාවාරම්කරන පුද්ගලයන්ට සහ ආයතනවලට දැඩි ව නීතිය ක්‍රියාත්මක කරන බවත්, ගුවන්තොටුපොළ, ආගමන විගමන පාලක සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඒකමතික තීරණයෙන් රහස් පොලීසියේ සහයෝගය මත මෙම මාෆියාවට තිත තබන බවත්, කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අවධාරණය කළේ ය.

    අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ගුවන්තොටුපොළ, ආගමන විගමන පාලක සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් සමග නරාහේන්පිට දී පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

     

    විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි නොමැති ආයතන සහ පුද්ගලයන් මෙම මාෆියාව ක්‍රියාත්මක කරන බවත්, විදේශ සමාගමක නිසි රැකියා ගිවිසුමක් රහිත ව හෝ ලියාපදිංචි නොමැති කිසිදු පාර්ශ්වයක් හරහා හෝ රැකියා අපේක්ෂාවෙන් සංචාරක වීසා මත හෝ විදෙස්ගත නොවන ලෙස මෙරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

     

    රැකියා අපේක්ෂාවෙන් සංචාරක වීසා මත විදෙස්ගත වන තරුණ තරුණියන් සහ කාන්තාවන් එම රටවල දී වැඩි වශයෙන් බරපතල හිංසාවන්ට පීඩාවන්ට ලක්වන බවට දෛනික ව වාර්තා වන බවත්, එය ඔවුන්ගේ ජීවිතයට සහ රටේ කීර්ති නාමයට ද බරපතල තර්ජනයක් බවත්, මේ නිසා සංචාරක වීසා මගින් රැකියා සදහා විදේශගත වීම නොකරන ලෙසත් ආමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටියේ ය.

     

    එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පවසා සිටියේ ය.

     

    ‘මේ අවස්ථාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකළ, රැකියාවක් දෙන බවට විදෙස් සමාගමෙන් නිසි ගිවිසුමක් හෝ දැනුවත් කිරීමක් නැති ව, බොහෝ තරුණ තරුණියන් සංචාරක විසා මගින් විදේශගත වෙනවා. එහෙම ගිහින් රස්සාවල් ලැබෙනවා නම් කිසි ම ගැටලුවක් නෑ. ඒත් සමහර වෙලාවට රස්සාවක් නොලැබෙන, රස්තියාදු වෙන, මුදල් වියදම් වෙන, මාෆියාවලට, ජවාරාම්කාරයන්ට අහුවෙන අවස්ථා දකිනවා. කාන්තාවන් නොයක් නොයක් ආකාරයේ හිංසාවන්ට ලක්වන බවට අපට වාර්තා වෙමින් තියෙනවා. රටක් විදියටත්, රටේ කීර්ති නාමයටත් මේක බරපතල ප්‍රශ්නයක්.

     

     

    මේ සියල්ල මිනිස් ජාවාරමක කොටස් විදියට තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා රැකියා සදහා සංචාරක වීසා මගින් රැකියා සදහා විදේශ ගතවීම වැලැක්වීමට, නොයෙක් වංචාකරුවන්ට රැවටෙන එක වැලැක්වීමට අපි ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපොල සහ ගුවන්තොටුපොල සේවා සමාගම සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඉදිරි දින කිහිපය තුළ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම් ආරම්භ කරනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya